Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාසල්රි පිටාර මට්ටමට, ලක්ෂපාන වාන් දොරටු තවදුරටත් විවෘතයි, විමලසුරෙන්ද්‍ර වාන් දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි, කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වෙයි, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් තවදුරටත් විවෘතයි , විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ වල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න විම නිසා එහි ජලය වාන් දොරටු වලට ඉහලින් ගලා යන බවත්, විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත්වාන් දමන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් (03) දින සිට තවදුරටත් විවෘත කර ඇති බවත්, ජලාශ වල වාන් දොරටු විවෘත කිරිම නිසා කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහලගොස් ඇති බවයි ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

රංජිත්

Scroll to Top