වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම දුම්රිය සෙනසුරාදා පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගාවන බවත් එම දුම්රිය ඉරිදා පස්වරු 5.00 ට නැවත අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත්වන බවත් අමාත්‍යවරයා කීය.
මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානවල පමණක් නවත්වන අතර පස්වරු 1.00 ට පමණ එය අනුරාධපුරයට ළඟා වීමට නියමිතයි.
එම දුම්රියේ ගමන් ගන්නා බැතිමතුන්ට එදින අනුරාධපුර අටමස්ථානය (පූජනීය ස්ථාන අටක්) වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙන අතර පසුදා උදෑසන ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පැවැත්වෙන කිරිපිඩු පූජාවට ද එක්විය හැකිය.