Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය අද(7)

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම ටෙස්ට් තරඟය සඳහා 2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09ක් සහභාගී වූ අතර ඕස්ට්‍රේලියාව තරග 19න් 11ක් ජයගෙන පළමු ස්ථානයටත් ඉන්දියාව තරග 18න් 10ක් ජයගෙන දෙවන ස්ථානයට පත්වී තිබේ. ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී එහිදී අනාවැකි පළකර ඇත්තේ …

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය අද(7) Read More »

lahiru-kumara-crickerter

ළහිරු ගැන තීරණය අද

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය සඳහා ළහිරු කුමාර ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අද(7) උදෑසන තීරණය කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. ඒ ලහිරු කුමාර ආබාධයට ලක් වීම හේතුවෙන්. එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහාද විශේෂ සැළසුමකින් කණ්ඩායම කටයුතු කරන බව සහය පුහුණුකරු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙයි. එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය. එහි කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ. දෙපිළටම මෙම තරඟය අතිශය වැදගත්. ශ්‍රී ලංකාවට එය වැදගත් වන්නේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් …

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට Read More »

lpl sri lanka cricket news

LPL ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වනදා කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ සඳහා එක් කණ්ඩායමක් ඩොලර් 500,000ක් යෙදවීමට නියමිත අතර කණ්ඩායම් 5ම ක්‍රීඩකයින් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20/20 තරගාවලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ පළමුවරට ය. 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය, …

LPL ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 Read More »

srilankacric

එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය …

එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ Read More »

IPL අවසාන මහා තරගය අදට(29) කල් දමයි

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටෑන්ස් අතර පැවැත්වෙන අවසාන මහා තරගය වර්ෂාව නිසා අද දක්වා කල් තැබීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදී. පැවති අධික වැසි නිසා පිටියේ ආවරණ මත ජලය විශාල ප්‍රමාණයක් ඇති බවත් එය ඉවත් කිරීම පහසු නොවන බවත් තේරුම් ගැනීමෙන් පසු විනිසුරුවන්, තරඟ තීරක ජවගල් ශ්‍රීනාත් සහ වෙනත් …

IPL අවසාන මහා තරගය අදට(29) කල් දමයි Read More »

ipl

ගුජරාට් ටයිටන්ස් අඛණ්ඩව දෙවන වරටත් අයි.අයි.පී.එල් අවසන් මහා තරගයකට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයි.පී.එල්. ගමනට තිත තබමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන්නට මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. මෙම තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ශර්මාගේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් පිළට හිමි විය. ගුජරාට් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 03කට ලකුණු 233ක්. එහිදී මෙවර තරගාවලියේ …

ගුජරාට් ටයිටන්ස් අඛණ්ඩව දෙවන වරටත් අයි.අයි.පී.එල් අවසන් මහා තරගයකට Read More »

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ අවසන් වටය ඇරඹේ

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. දැනටමත් අවසන් වටය සඳහා ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර අවසන් වටයේ පළමු තරගය හෙට පැවැත්වෙන අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහා තරගයට සුදුසුකම් …

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ අවසන් වටය ඇරඹේ Read More »

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. මෙම නිලවරණයේ දී තෝරා පත්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිකරගනීයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වෙයි.

අයර්ලන්ත ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථාන 10 අතරට

ඉතිහාසයේ පළමු වරට අයර්ලන්ත කණ්ඩායමින් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථාන 10 ට පැමිණ තිබෙනවා. එම දස්කම දක්වා ඇත්තේ 23 හැවිරිදි නවක පිතිකරු හැරී ටෙක්ටයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ එක්දින පිතකරු ශ්‍රේණිගත කිරීමේ 07 වන ස්ථානයට ඔහු පත්ව තිබීම විශේෂත්වයක්. වතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 45 තුළ කිසිදු ශ්‍රී ලාංකික …

අයර්ලන්ත ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථාන 10 අතරට Read More »

srilankacric

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලටම

ක්‍රිකට් නිලවරණය, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කල අතර ඊට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී (15) විභාගයට ගත් …

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලටම Read More »

ශ්‍රී ලංකාවෙන් ලකුණු 704 ක් සමඟ වාර්තා රැසක්

නිෂාන්, මෙන්ඩිස් හා මැතිව්ස්ගේ ද්විත්ව ශතක සහ ශතක සමගින් ලකුණු පුවරුව ඉහළට ගෙන ඒමට අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී කුසල් මෙන්ඩිස් විසින් නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ඉනිමක දී ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු විසින් එල්ල කල වැඩිම හයේ පහර සංඛ්‍යාව …

ශ්‍රී ලංකාවෙන් ලකුණු 704 ක් සමඟ වාර්තා රැසක් Read More »

lpl sri lanka cricket news

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 24ක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජුලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට ඉඩ ඇති විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන විදෙස් ක්‍රීඩකයින් පහතින්, ඔස්ට්‍රේලියාව – ෂෝන් මාර්ෂ්, මැතිව් වේඩ්, ඩාසි ෂෝර්ට් සහ උස්මාන් ක්වාජා බටහිර ඉන්දීය …

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 24ක් Read More »

ලෝක පාසල් චෙස් ශූරතාව ශ්‍රී ලංකාවට

ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස අවුරුදු 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මික තෙහස් කිරින්ගොඩ විසින් දිනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු මුහුණ දුන් තරග වට 9න් ලකුණු 7.5ක් ලබා ගනිමින් ශූරතාව දිනාගෙන තිබුණා. මෙම තරගය සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 61ක් සහභාගී වී තිබෙනවා. තරගාවලියේ දෙවෙනි සහ තෙවෙනි ස්ථාන කසකස්තාන …

ලෝක පාසල් චෙස් ශූරතාව ශ්‍රී ලංකාවට Read More »

අයර්ලන්ත ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගිවීම සඳහා අයර්ලන්ත කණ්ඩායම ඊයේ (09) පස්වරුවේ දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදාත්, දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති අතර කඩුලු රකින …

අයර්ලන්ත ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට Read More »

විස්සයි විස්ස පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනීයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවීය. එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි. ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 9 පන්දු 3ක් …

විස්සයි විස්ස පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනීයි Read More »

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 ඇරඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 සමාරම්භය සනිටුහන් කරමින්  (31) දිනයේදී තරගාවලියේ පළමු තරගය ආරම්භ වුණි. ඒ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගය පැවැත්වුණේ අහමාබාත් ක්‍රීඩාංගණයේ දී වන අතර, කාසියේ වාසියේ ජය හිමිවූයේ ද ජයග්‍රාහී ටයිටන්ස් වෙතයි. ටයිටන්ස් නායක හර්දික් පාණ්‍ඩ්‍යාගේ පළමුව පන්දු යැවීමේ තීරණයත් සමගින් පන්දුවට පහරදීමට ආරාධනා ලැබූ චෙන්නායි කණ්ඩායම පිටියට …

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 ඇරඹෙයි Read More »

IPL තරගාවලියෙන් පසුව විජයකාන්ත් ශ්‍රී ලංකා කණ්ඩාමට එක් වීමට කැමැත්තක්

ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත IPL ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමන්ට ශ්‍රී ලංකා කණ්ඩාමට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එක් වීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව නවක ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්තන් පවසනවා. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ යාපනයේදී තමන්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට යාපනයේ දෙමළ ජනතාව උදව් උපකාර කළා සේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට දකුණේ සිංහල …

IPL තරගාවලියෙන් පසුව විජයකාන්ත් ශ්‍රී ලංකා කණ්ඩාමට එක් වීමට කැමැත්තක් Read More »

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට යෙදෙන තරඟ සංචාර සඳහා මහේල ජයවර්ධන එක්විය යුතු බව සඳහන් නොවන බවයි. උපදේශක පුහුණුකරු ලෙස ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ …

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් Read More »

lpl sri lanka cricket news

LPL පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

2023 LPL තරගාවලිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 ක් ඇතුළත් බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත් වන බව වාර්තා …

LPL පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ Read More »

Scroll to Top