Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

Sri Lanka will need to win more than two-fifths matches in the semi-finals

අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව ඉතිරි තරග පහෙන් දෙකකට වඩා ජයගත යුතුයි නායක දමුත් කියයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතිරිවී ඇති තරග පහෙන් දෙකකට වඩා ජයගත යුතු බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා දෙපිලටම එක ලකුණ බැගින් හිමිවිය. මේ අනුව ශ්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජයවී තරග දෙකක් විසඳුමකින් තොරව අවසන්වී …

අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව ඉතිරි තරග පහෙන් දෙකකට වඩා ජයගත යුතුයි නායක දමුත් කියයි Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට දිනිය හැකි තරගයකට කාලගුණය හරස්වෙයි

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ්‍ය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර ඇත. එංගලන්තයේදී බි‍්‍රස්ටල් ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබින. දෙපිලටම ප‍්‍රසාද ලකුණු 01 බැගින් ලබා දීමත් සමගින් ශ‍්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ප‍්‍රසාද ලකුණු 04ක් සමගිනි.

virath koli

මටනං විරාට් ලොකු නැහැ

දකුණු අප්‍රිකානු වේග පන්දු කරු කගීසෝ රබාඩා පවසා තිබුණේ කොපමණ හොඳ පිතිකරුවකු වුවද කෝලි නිතර හැසිරෙන්නේ අපරිණත ලෙස බවයි. “අපි නම් පැලෑන් එකට අනුවයි සෙල්ලම් කරන්නේ. ඒත් මේ හාදයා? මම හතරක් ගහනවා, ගහල මොන මොනවාදෝ කියනවා. ඒකට අපි මොනවාහරී කිව්වොත් ඕන්න කේන්ති ගන්නවා. මට නම් තේරෙන්නෙ  නැහැ මොන මිනිහෙක්ද කියලා.” එහෙත් පසුගිය සතියේ මේ රබාඩා …

මටනං විරාට් ලොකු නැහැ Read More »

නැන්දණිය අභ්‍රවප්‍රාප්ත වීමෙන් මාලිංග යළි එයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ නැන්දණිය අභ්‍රාවප්‍රාප්ත වීම හේතුවෙන් අද(11) පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයෙන් පසුව මාලිංග යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසයි. සිය නැන්දණියගේ අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු මාලිංග යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වන බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටී. සිය …

නැන්දණිය අභ්‍රවප්‍රාප්ත වීමෙන් මාලිංග යළි එයි Read More »

ශ්‍රී ලංකා පිලට සංගාගෙන් උපදෙස්

“ලෝක කුසලානයකදී පිතිකරුවන් අඩුම ගානේ ලකුණු 280ක් වත් ගහන්න ඕන. අපේ පන්දු යවන්නට අවස්ථාව ලබාදෙන්න. පිතිකරුවන් ඒ වගකීම භාරගන්න ඕන,” කුමාර් සංගක්කාර පවසයි. “පන්දු යවන්නන් ඇෆ්ඝනිස්තාන් තරගය අපට දිනලා දුන්නා. නමුත් ඒ තරගයත් අපිට ලේසියෙන් දිනන්න තිබුණු එකක් – පිතිහරඹය මගදී කඩාවැටුනේ නැත්නම්.” ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට, තණතීරුවෙන් තණතීරුවට කණ්ඩායමේ යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වුවත් සමස්තයක් ලෙස …

ශ්‍රී ලංකා පිලට සංගාගෙන් උපදෙස් Read More »

sri lanka vs bangladesh

ශ්‍රී ලංකා-බංගලිදේශ සටන අද

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (11 දා) බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේ මෙම තරගාවලියේදී පරාජය කළ හැකි ප්‍රතිවාදියෙකු හමුවී ඇති නිසයි. දිමුත් සහ කුසල් ජනිත් ලකුණු අතර සිටින නමුත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට තිබූ අවස්ථාව පකිස්තාන තරගය වර්ෂාවට සේදී යාම නිසා අහිමිවීම ප්‍රබල …

ශ්‍රී ලංකා-බංගලිදේශ සටන අද Read More »

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී  පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ට එරෙහිව ලකුණු 36 කින් ඉන්දියාව ජයගැනීමට සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක (ෂිකර් ධාවන් (117) ශතකයත් ,විරාට් කෝලී (82) ) ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් (ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී …

ඉන්දියාවට ලකුණු 36 ක ජයක් Read More »

වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප්  බ්‍රිස්ටල් නුවරදී පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු යවන අතේ  ඇඟිල්ලක වැදීමෙන්  අස්ථියක් බිඳී ඇති බවයි සදහන් වෙයි. ” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙන වා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් ඇඟිල්ලේ අස්ථිය සුපුරුදු පරිදි යථා තත්ත්වයට ගෙනවිත් තියෙනවා. මේ …

වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට Read More »

පෙරළිකාර බංගලියෝ එංගලන්තයට යටත්වෙති

පෙරළිකාර බංගලාදේශ කණ්ඩායම  පරදවා ලකුණු 106ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම  සමත් විය.  තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල කඩුළු 6ක් දැවී ලකුණු 386 ලබාගත්තේය. අනතුරුව පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකිවුයේ   ඕවර 48 පන්දු 5ක් තුල සියල්ලන් දැවී ලකුණු 280ක් පමණි.ඒ අනුව එංගලන්ත පිල ලකුණු 106කින් ජය ලැබීය.

Dav Whatmore

96 පුහුණුකරු ඩේව් වට්මෝර් නැවතත් ශ්‍රී ලංකාවට

 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේව් වට්මෝර් මහතා පුහුණුකරුවකු ලෙස බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සඳහා තිරස පිටුපස  සිට මෙහෙයක් කළ කෙනෙකු වන්නේ ඩේව් වට්මෝර් යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය සති වල දෙපාර්ශ්වය …

96 පුහුණුකරු ඩේව් වට්මෝර් නැවතත් ශ්‍රී ලංකාවට Read More »

එංගලන්ත පිතිකරු ජෙසන් රෝයි විනිසුරුයි ගැටෙති

බංගලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගයේ ශතකයක් වාර්තා කිරීමට එංගලන්ත පිතිකරු ජේසන් රෝයි සමත් විය. ඔහු ලකුණක් කරා දුවයන අවස්ථාවකදී විනිසුරු ජෝයි විල්සන් ගේ ඇගෙහි හැපී විනිසුරුතුමන් බිම වැටුණු අතර ඉන් ඔහුට හානියක් සිදුවුයේ නැත. ජෙසන් රෝයි ලකුණු 153 කට දැවී ගිය අතර ඔහු විසින් ලෝක කුසලානයකදී එංගලන්ත පිතිකරුවෙකු රැස් කල දෙවන …

එංගලන්ත පිතිකරු ජෙසන් රෝයි විනිසුරුයි ගැටෙති Read More »

kumara sangakkara

කුමාර සංගක්කාර ලොක කුසලානය දින ගන්නා කණ්ඩායම් නම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර ආරම්භ වුයේ සත්කාරක එංගලන්ත කණ්ඩාම ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රිකට් විශාරදයන් අනුමාන කරන ලද පරිසරය සිටය. මෙවර ලෝක කුසලාස ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි මා විසින් අනුමාන කරන ලැයිස්තුවේ සිටින ඉහළම කන්ඩායම් හතරෙන් එකක් වන ද වන එංගලන්තය එම ස්ථානයේ සිටින්නේ කවර හේතුවක් නිසාද …

කුමාර සංගක්කාර ලොක කුසලානය දින ගන්නා කණ්ඩායම් නම් කරයි Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම

කාළගුණයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණක් – Point Table එකේ තුන්වන ස්ථානයට

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර බ්‍රිස්ටල් හීදි පැවැත්වීමට නියමිතව තිබු තරගය අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්  අවලංගු කර ඇත.ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වු අතර ශ්‍රී ලංකා කණ්ඩායම Point Table එකේ තුන්වන ස්ථානය දක්වා පැමිණ තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග තරගය ලබන අගහරුවාදා (11) බංගලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදිමට නියමිතව තිබේ.  

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පිල අද සවස 3.00ට තරගබිමේ

බිෂොප්ස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දෙන තුන්වැනි තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයට එරෙහිවය. අද තරගයේදී  මැදපෙළ පිතිකරුවන්ට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.ඒ පාකිස්තානය වැනි තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන කණ්ඩායමක් නිසා අද තරගය ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිලට ද තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සිදුවනු ඇත. අද තරගය ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සහ …

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පිල අද සවස 3.00ට තරගබිමේ Read More »

ප්‍රබල බටහිර ඉන්දීය කොදව් පිල පැරදවිමට ඔස්ට්‍රේලියානු පිලට හැකිවෙයි

ප්‍රහාරක පිතිකරුවන් රැසක් සිටින ප්‍රබල කණ්ඩායමක්  වන  බටහිර ඉන්දීය කොදව් පිල පරදවා ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නොටිංහෑම් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 49කදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 289 ඉලක්කය හඹාගිය කොදෙව්වන්ට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 273ක් පමණි.  

ඉන්දියාවට පළමු තරගයෙන්ම ජය – දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන්වන තරගයත් පරදි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය එංගලන්තයේ සවුත්ඇම්ප්ටන්හිදී  පැවැති තරගයෙන් ඉන්දියාව කඩුළු 6කින් ජයක් අත්කර ගනියි. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක පෆ් ඩු ප්ලෙසිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලත් ඔවුනට ලබා ගත හැකි වුයේ කඩුලු 9ක් දැවි 227ක් පමණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දිය කණ්ඩායම පන්දුවාර 47 …

ඉන්දියාවට පළමු තරගයෙන්ම ජය – දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන්වන තරගයත් පරදි Read More »

කොදෙව් සුපිරි බල ඇණිය ඔස්ට්‍රේලියාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවට මීළඟ තරගයේදී සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් පිලෙන් තියුණු තර්ජනයක් එල්ල වන බවත් ඊට සූදානම් විය යුතු බවත් ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් වෝ  අනතුරු හඟවා තිබේ. පළමු තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පහසු ජයක් ලැබුවද තරග දිනවන්නන් රැසක් සිටින කොදෙව් පිල තියුණු අභියෝගයක් බව ස්ටීව් වෝ පවසයි. කොදෙව් පි‍ලේ පිතිකරු ලැයිස්තුව ඉතා ශක්තිමත් වන අතර නොම්මර 9 …

කොදෙව් සුපිරි බල ඇණිය ඔස්ට්‍රේලියාවට තර්ජනයක් Read More »

ඇෆ්ගනිස්තානය පැරදවීමෙන් ආත්ම විශ්වාසය ඉහළ නැංවුණා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරමින් ශ්‍රී ලංකාව ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 34 කින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජය පිළිබඳව අදහස් පල කරන පුහුණුකරු හතුරුසිංහ පවසන්නේ මෙම ජයත් සමග ශ්‍රී ලංකා පි‍ලේ ආත්ම විශ්වාසය ඉහළ නැවුණු බවයි. මෙම ජය ඉතා වැදගත් බවත් සියලුම ක්‍රීඩකයන් රට වෙනුවෙන් ඉදිරි තරගවලදී උපරිම …

ඇෆ්ගනිස්තානය පැරදවීමෙන් ආත්ම විශ්වාසය ඉහළ නැංවුණා Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතට – තරගයට වර්ෂාවෙන් බාධා – ඩක්වත් ලුවිස් නිසා පන්දුවාර අඩුවෙයි  

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වුනු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඇෆ්ගනිස්ථාන නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය. වර්ෂාවෙන් බදා ඇති වීම නිසා ඩක්වත් ලුවිස්  න්‍යායට අනුව ඇෆ්ගනිස්ථානයට හිමි වු …

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතට – තරගයට වර්ෂාවෙන් බාධා – ඩක්වත් ලුවිස් නිසා පන්දුවාර අඩුවෙයි   Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ‍දෙවෙනි තරගය අද (4) – ඇෆ්ගනිස්තානයට එරෙහිව – සවස 3.00ට – ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තුවක්

2019 ලෝක කුසාලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවෙනි තරගය අද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.00ට තරගය ආරම්භ වේ. පළමු තරගයේ  අමිහිරි මතකයන් සමග  මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජය ගනිවි යැයි ක්‍රිඩා ලෝලින් තුල විශ්වාසයක් හටගෙන ඇත. පළමු තරගය නවසීලන්තය හමුවේ පරාජයට පත්වුණි. නවසීලන්ත කණ්ඩායම එම තරගයෙන් කඩුලු 10 …

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ‍දෙවෙනි තරගය අද (4) – ඇෆ්ගනිස්තානයට එරෙහිව – සවස 3.00ට – ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තුවක් Read More »

Scroll to Top