Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

srilanka cricket

නවසීලන්ත-ශ්‍රී ලංකා අවසන් T20 සටන අද(6)

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (06) පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම නවසීලන්ත කණ්ඩායම ජයගත්තේය. විස්සයි විස්ස තරග බොහෝමයකදි සාමානයෙන් කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම දෙවනුවට පහරදෙයි.ඒ සැලසුම් සකස් කර පහසුවෙන් ජයගත හැකි නිසා . කාසියේ වාසිය දිනාගෙනත් …

නවසීලන්ත-ශ්‍රී ලංකා අවසන් T20 සටන අද(6) Read More »

අජන්ත මෙන්ඩිස්ගේ සමුගැනීමේ තරගයට ක්‍රීඩාලෝලීන් රැසක්

පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස අවසන් තරගයට ක්‍රීඩා කරමින් අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කළ අජන්ත මෙන්ඩිස්ගේ සමුගැනීමේ තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පැමිණ සිටියේය. පළමුව පන්දුවට පහරදුන් යුධ හමුදා යන්ත්‍රෝපකරණ බලකාය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. පිළිතුරු …

අජන්ත මෙන්ඩිස්ගේ සමුගැනීමේ තරගයට ක්‍රීඩාලෝලීන් රැසක් Read More »

“ආණ්ඩුකාර කුසලාන” තරඟාවලියක් උතුරු පළාතට

උතුරු පළාතේ ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘ආණ්ඩුකාර කුසලාන’ තරඟාවලියක්  සංවිධානය කර ඇත. උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව සංවිධානය කර ඇති මෙම තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර  ක්‍රීඩකයන්  සඳහා වොලිබෝල් තරග සහ ක්‍රීඩිකාවන් සඳහා නෙට්බෝල් තරඟ පැවැත්වේ. තරගාවලිය සඳහා සහභාගී විය හැක්කේ උතුරු පළාතේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වලට …

“ආණ්ඩුකාර කුසලාන” තරඟාවලියක් උතුරු පළාතට Read More »

20 -20 තරඟ දෙකම පරාජය වීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරයි

නවසිලන්තයට එරෙහි තරඟ දෙකම පරාජයට වීම පිළිබඳව බෙහෙවින් කණගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාගෙන් සමාව ඉල්ලා සිටින බව 20 -20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ල පවසයි.    ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින්නේ පරාජය පත්වීමට නොව සෑම අවස්ථාවකදීම ජයග්‍රහණය කිරීමටත් තරඟ කිරීමේ අසීරුතාව දැනෙන්නේ   ක්‍රීඩකයාට යැයි නවසීලන්තයට එරෙහිව ඊයේ (03)  පැවති දෙවන තරගයෙන් …

20 -20 තරඟ දෙකම පරාජය වීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරයි Read More »

දෙවන තරඟයේ ජයත් නවසීලන්තය උඳුරාගනියි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරඟයෙන් කඩුළු 6ක් දැවී පන්දුවාර 19ක් සහ පන්දු 4ක් අවසනයේ ලකුණු 165ක්  රැස් කර නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේය. තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තරග 2ක් ජය ගෙන තවත් තරගයක් …

දෙවන තරඟයේ ජයත් නවසීලන්තය උඳුරාගනියි Read More »

srilanka cricket

නවසීලන්ත-ශ්‍රී ලංකා දෙවෙනි 20/20 තරගය අද

නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (03) සවස 7.00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග විසින් මෙහෙය වන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නේ ග්‍රාන්ට් සවුති විසින්. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු පන්දුවාර 20/20 තරගයක් …

නවසීලන්ත-ශ්‍රී ලංකා දෙවෙනි 20/20 තරගය අද Read More »

පරාජය වීමට හේතු කුසල් එලිකරයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පතිත වී තිබුණු පින්න සහිත ස්වභාවය සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ප්‍රමාණවත්  නොවීම නවසීලන්තයට එරෙහි පන්දුවාර විස්ස තරගය පරාජය වීමට හේතු විය හැකි යැයි ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.   පන්දුවාර විස්ස තරගාවලියන්හි  අත්දැකීම් අඩු බවත් ඒ සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගත යුතුව ඇතැයි නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී …

පරාජය වීමට හේතු කුසල් එලිකරයි Read More »

පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ ශ්‍රී ලංකාවට

6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෙන් උණුසුම් සුභපැතුම්  එක්කරයි. ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

නවසීලන්ත පිල පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගනියි

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  පැවැති  තරගයේදී අත්කරගත් ජයත් සමග නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ලෙස ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 174ක් රැස් කරගත්තේය. පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. අවසාන පන්දුවාරයේදි පන්දු 3ක් ඉතිරිව තිබියදි ලකුණු 174  පසුකර යෑමට …

නවසීලන්ත පිල පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගනියි Read More »

T20 වැඩිම කඩුලු ලෝක වාර්තාව මාලිංගට

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී  නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ පළමු තරගයේදිම  නායක ලසිත් මාලිංග විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට පත් විමට සමත්විය. ඒ කඩුලු 99ක් දවාගැනීමත් සමගයි.  

slt20train

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 පළමු තරගය අද පස්වරු 7.00ට

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී  නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය අද (01) පස්වරු 7.00ට ආරම්භ වෙයි.  T20 ශ්‍රේණි ගත වලින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අටවන ස්ථානය ය. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රසාද ලකුණු 227ක් ඇති අතර හත්වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානය සතු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 241කි. මහනුවරට මේ …

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 පළමු තරගය අද පස්වරු 7.00ට Read More »

T20 දෙදහස් විස්ස ලෝක කුසලානයට හොද සංචිතයක් නිර්මාණය කළ යුතුයි

ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කවුරු හෙබවුවත් දෙදහස් විස්ස ලෝක කුසලානයට මුහුණදීමට නම් වඩාත් සුදුසු සංචිතයක් නිර්මාණය වී තිබිය යුතු යැයි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලංග ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලාබළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවත් ජාත්‍යන්තර තරඟවලදී ලාබාළ බව කිසිසේත්ම අදාළ නොවන බව නවසිලන්තයට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (01) දින …

T20 දෙදහස් විස්ස ලෝක කුසලානයට හොද සංචිතයක් නිර්මාණය කළ යුතුයි Read More »

ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අසාර්ථක වීම ශ්‍රි ලංකා කණ්ඩායමට බලපෑමක්

ක්‍රීඩකයන්ට ලබා දෙන නිදහසින් ප්‍රයෝජනය නොගන්නේ නම් ක්‍රීඩකයන් පිළිබඳ නැවත සළකා බැලීමට සිදුවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක මේ බව සඳහන් කළේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි. ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අසාර්ථක වීම කණ්ඩායමට විශාල වශෙයෙන් බලපාන බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා සඳහන් …

ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අසාර්ථක වීම ශ්‍රි ලංකා කණ්ඩායමට බලපෑමක් Read More »

මුල් ඉනිමේ වාසිය නවසීලන්තයට

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී සිය ඉනිම ශක්තිමත් ස්ථානයකට ගෙන ඒමට නවසීලන්ත පිතිකරුවන් සමත් විය. ඊයේ(25) දිනය නිමා වනවිට නවසීලන්ත පිළ කඩුලු 05 ක් දැවී ලකුණු 382 ක් රැස්කරගෙන ගත්තේය. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 244 යි. ඒ අනුව නවසීලන්තය, ශ්‍රී ලංකා පළමු …

මුල් ඉනිමේ වාසිය නවසීලන්තයට Read More »

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව, ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු ජයග්‍රහණය ලබාගත්තේය. ඒ අනුව තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. 2012 වසරින් පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණි. ශ්‍රී ලංකා කණ්ඩායම …

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට Read More »

හතරේ පහරවල්  වැඩිම සංඛ්‍යාවක් එල්ල කල එංගලන්තයට ලෝක කුසලානය

  එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ නවසීලන්තය පරාජයට පත් කරමින් ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයේ විශේෂත්වය වන්නේ හතරේ පහරවල්  වැඩිම සංඛ්‍යාවක් එල්ල කල කණ්ඩායමට ලෝක කුසලානය හිමිවිමයි. මෙම තරගය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව ලෙස සැලකෙයි. වසර …

හතරේ පහරවල්  වැඩිම සංඛ්‍යාවක් එල්ල කල එංගලන්තයට ලෝක කුසලානය Read More »

ප්‍රබල ඉන්දියාව පරදවා අවසන් මහා තරගයට නවසීලන්තය සුදුසුකම් ලබයි

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක්  දින තරගය දෙදින තරගයක් බවට පත්වුණි. කාසියේ වාසියත් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම තරගයේ  සියලුම වාසි තමන්ගේ පැත්තට හරවා ගැනිමට සමත්විය. ඒ අනුව ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් ප්‍රබල ඉන්දිය කණ්ඩායම පරදවා එංගලන්තයේදි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය‍. ලකුණු 240ක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට …

ප්‍රබල ඉන්දියාව පරදවා අවසන් මහා තරගයට නවසීලන්තය සුදුසුකම් ලබයි Read More »

එංගලන්තයත් අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව  චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී පැවැති තරගයේදී ලකුණු 119 ක පහසු ජයක් ලබාගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් විය. ඒ සමගම වැට උඩ හිටපු ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරගැනිමට සමත්වුණි. ලබන සිකුරාදා පවතින පාකිස්තානු පිල සහ බංග්ලාදේශය අතර තරගයෙන් විශාල ලකුණු පරතරයකින් පාකිස්තානු පිල ජයගත හොත් ඔවුන් …

එංගලන්තයත් අවසන් පූර්ව වටයට Read More »

බංගලියෝ ඉවතට – ඉන්දියාව අවසන් පූර්ව වටයට

  බර්මින්හැම්හිදී පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේ ඉන්දියාව ලබාගත් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණි. ඉන්දියාව හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට බංග්ලාදේශයට  සිදුවිය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත්වී ඇත. අද …

බංගලියෝ ඉවතට – ඉන්දියාව අවසන් පූර්ව වටයට Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක්

  ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණූ සංඛ්‍යාව 338කි. කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 315 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක් …

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක් Read More »

Scroll to Top