Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

thisara-perera-sri-lanka-cricketer

තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත. තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුද හමුදාවට එක්වී ති

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ අඩ්ඩු මැරතන් තරගයට සහය දක්වයි

සම්මානලාභී ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දූපතේ පැවති ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් වන අඩ්ඩු මැරතන් තරඟය සදහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය. ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන් දූපත වෙත වසර තුනක මෙහෙයුම් ඇරඹීමේ සැමරුම වෙනුවෙන් ගැන් දූපතේ දී මෙම අඩ්ඩු මැරතන් තරගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි දී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අනුග්‍රාහකත්වය වෙනුවෙන් මුම්බායි සිට …

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ අඩ්ඩු මැරතන් තරගයට සහය දක්වයි Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක පහසු ජයක් පකිස්ථානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක පහසු ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. වසර 10කට පසු සිය මව් රටේදී ටෙස්ට් තරගයක් සහ ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණි. කරච්චි හීදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමයි තීරණය කළේ. …

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක පහසු ජයක් පකිස්ථානයට Read More »

2020 IPL වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් ඉසුරු උදානව මිළදීගෙන ඇත.  මෙවර වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණයි. අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් …

2020 IPL වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා Read More »

ශ්‍රී ලංකා-පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර ඊයේ නිමාවූ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කළේය.පාකිස්තානය පළමු ඉනිමට ඕවර් 70කදී ලකුණු 252ක් රැස්කරගත් අතර කඩුලු 2ක් බිඳ වැටුණි. ධනංජය ද සිල්වා තම …

ශ්‍රී ලංකා-පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි Read More »

පාකිස්තාන ක්‍රිකට් සභාපති සියලු ශ්‍රී ලාංකිකයන්ට ගෞරවය පුදකරයි

රාවල්පින්ඩි නුවර පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය  අමතා පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පැවැසීය. පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන්  ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන …

පාකිස්තාන ක්‍රිකට් සභාපති සියලු ශ්‍රී ලාංකිකයන්ට ගෞරවය පුදකරයි Read More »

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රභූ ආරක්ෂාව – සෙබලුන් 4,000ක්

පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි නුවරදී මේ මස 11 වැනිදා ආරම්භ වන ඉතිහාසගත ටෙස්ට් තරගාවලියකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පාකිස්තාන රජය විසින් රාජ්‍ය අමුත්තන්ට පිරිනමන ඉහළම උණුසුම් පිළිගැනීමක් පිරිනමයි. පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන …

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රභූ ආරක්ෂාව – සෙබලුන් 4,000ක් Read More »

පර්සි අබේසේකරගේ I‘am Percy Cricket Crazy’ එළිදකී

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ ‘I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී. ඒ එහි මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි. කෘතිය ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණේ බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී වේ. පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක් වී මේ වන විට වසර හැටක් ගතව …

පර්සි අබේසේකරගේ I‘am Percy Cricket Crazy’ එළිදකී Read More »

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ නැවතත් බ්‍රිතාන්‍යයේ ඇන්තනිට

සෞදි අරාබියේ පැවති බොක්සිං තරගයකදි මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා. ඒ අනුව 30 හැවිරිදි ඇන්තනි ජොෂුවා ලෝක හෙවිවේට් කිරුළ දෙවරක් දිනාගත් බොක්සිං ශූරයන් අතළොස්සක් අතරට එක්වනවා.

වසර 28කට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් පදක්කම් 15ක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මළල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව වසර 28කට පසු දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට සමත් වි තිබේ. 1991 වසරේ මෙරට දී පැවති 05 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 15ක් දිනාගෙන තිබුණි.ඒ අනුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා සිටින අතර …

වසර 28කට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් පදක්කම් 15ක් Read More »

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැති සම්මාන උළෙලක්

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ වසරේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය. එහෙත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම සඳහා සුදුසු ක්‍රීඩකයකු ජාතික තේරීම් කමිටුවෙන් නිර්දේශ කර නොතිබිණ. හේතුව අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩකයන්ගේ දස්කම් නොතිබීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී යමින් පවතින වසරේදී ලබාගත් ටෙස්ට් …

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැති සම්මාන උළෙලක් Read More »

‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව  සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’  තරඟාවලිය වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල …

‘කලම්බු සුපර් ක්‍රොස් – 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ Read More »

අබුඩාබිහි T10 ශුරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස් කලත් පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 89 …

අබුඩාබිහි T10 ශුරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට Read More »

sri lanka cricket news

යොවුන් කණ්ඩායමේ තරඟකාරිත්වය නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.   සුරංග ලක්මාල් ද ලබන දෙසැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කරයි. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිළට එල්ල …

යොවුන් කණ්ඩායමේ තරඟකාරිත්වය නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි Read More »

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතයි.

T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් 15ක්

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන ඇත. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප‍්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් තරගාවලියට සහභාගී වනු ඇති. T …

T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් 15ක් Read More »

රග්බි ලෝක කුසලානය අප්‍රිකානූවන්ට

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී අද පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් ලෝක කුසලාන රග්බි ශූරතාව  දිනා ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි. එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ  වෙබ් එළිස් කුසලාන දිනාගත්හ. දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත …

රග්බි ලෝක කුසලානය අප්‍රිකානූවන්ට Read More »

අපරාජිත වාර්තාව ශ්‍රී ලංකා පිලෙන් ගිලිහෙන ලකුණු

ඔස්ට්‍රේලියානු භූමියේදි තරගමාලාවක් පරාජයට පත්වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමට අද (30) සවස 1.40ට  බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගය දෙපිළටම තීරණාත්මක තරඟයක් වෙයි. ශ්‍රී ලංකාව සමග මෙන්ම පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගමාලා තුළ පූර්ණ ජයග්‍රහණ අත්කර ගනිමින් ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීම සිය එකම බලාපොරොත්තුව බව ඔස්ට්‍රේලියානු පිලේ නායක ආරොන් ෆින්ච් ප්‍රකාශ කරයි. …

අපරාජිත වාර්තාව ශ්‍රී ලංකා පිලෙන් ගිලිහෙන ලකුණු Read More »

පැපුවා නිව්ගිනියාව පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන වරම් දිනයි

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන වරම් දිනා ගැනීමට පැපුවා නිව්ගිනියාව  සමත්ව ඇත. කෙන්යාව පරාජය කරමින් ඔවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වී තිබෙනවා. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතයි.

20විස්සේ දරුණුතම පරාජය ශ්‍රී ලංකාව හිමිකර ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු  තරගය ලකුණු 134 ක් ලෙසින් 20විස්ස තරගයකදී ලැබු දරුණුතම පරාජය ශ්‍රී ලංකාව හිමිකර ගැනීමට සමත් වෙයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කලත්  ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින්  නායක ආරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල …

20විස්සේ දරුණුතම පරාජය ශ්‍රී ලංකාව හිමිකර ගනියි Read More »

Scroll to Top