Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

lanka premier league 2020

LPL අද හම්බන්තොටදී ඇරඹේ

මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි. තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අද රාත‍්‍රියේ තරඟ වැදීමට නියමිතයි.

lanka premier league 2020

LPL හෙට ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය හෙට (26) ආරම්භවීමට නියමිත ය. තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වෙයි. හෙට සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ. කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30 ආරම්භවන්නේ ඇන්ජලෝ මැතිව්ස් …

LPL හෙට ඇරඹේ Read More »

මගේ රටට මා කළ දේ ලෝකයම දන්නවා

එල්. පී. එල්. තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය පැවරීමටද බලාපොරොත්තු වූ ලසිත් මාලිංග හිටි හැටියේ එල්. පී. එල්. වලින් ඉවත්වීමෙන් ඔහුව විවේචනයට බඳුන්ව තිබේ. නමුත් තමා රටට කළ දේ කුමක්ද යන්න ලෝකයම දන්නා බව මාලිංග සඳහන් කරයි. ‘‘එල්. පී. එල්. වලින් ඉවත්වීම සම්බන්ධයෙන් සමහර ජනතාව මාව විවේචනය කරනවා. නමුත් මම කඩුලූ ලබා ගන්නා …

මගේ රටට මා කළ දේ ලෝකයම දන්නවා Read More »

lanka premier league 2020

මහේල LPL තරගාවලිය ගැන සිය ස්ථාවරය හෙළි කරයි

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලියට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා හිටපු නායක මහේලා ජයවර්ධන සහාය ලබා දී ඇති අතර එය නිවැරදි දිශාන්තියක් සඳහා පියවර තැබීමක් බව ප්‍රකාශ කර සිටිනවා. තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල වේදිකාවක ක්‍රීඩා කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කදිම අවස්ථාවක් වනු ඇති බවයි. තරඟාවලියෙන් ඉවත්ව යන ජනප්‍රිය ක්‍රීඩකයින් …

මහේල LPL තරගාවලිය ගැන සිය ස්ථාවරය හෙළි කරයි Read More »

lanka premier league 2020

LPL බලාපොරොත්තු රැසක නව ඇරඹුමක්

කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යෑමේ ආරම්භක පියවර එල්පීඑල් තරගාවලිය බව එම තරගාවලියේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගාවලි සාර්ථකත්වයට විශාල රුකුලක් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය. “කොවිඩ් වසංගතය නිසා ලංකාවට එන්න තිබුණු සංචාර 7ක් අපිට …

LPL බලාපොරොත්තු රැසක නව ඇරඹුමක් Read More »

lanka premier league 2020

LPL එකෙන් කෝටියක් ගන්නා ක්‍රීඩකයින් මෙන්න…

නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන එල්. පී. එල් ක්‍රිකට් තරගාවලියේ වැඩිම මුදලක් උපයා ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ලසිත් මාලිංග සිටිනවා. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක හා කුසල් පෙරේරා යන ක්‍රීඩකයින් ද එයට අයත්. ඔවුන් පස්දෙනා දේශීය සංකේතාත්මක ක්‍රීඩකයින් ලෙස කටයුතු කරන ක්‍රීඩකයින් වෙනවා. මෙම තරගාවලියේදී ඔවුන්ගෙන් එක් අයකුට ලබා දෙන මුදල …

LPL එකෙන් කෝටියක් ගන්නා ක්‍රීඩකයින් මෙන්න… Read More »

ilp

IPL පස්වැනි වරටත් ශූරතාවය මුම්බායි ඉන්දියන්ස්ට

රෝහිත් ශර්මාගේ නායකත්වයේ පිතිහරඹය හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස්  සමත් වූහ. මෙම ශූරතාවත් සමග මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 13 න් 5 කම ශූරයන් බවට පත්වීමටද මුම්බායි කණ්ඩායම සමත් විය. අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වී වසර 5 ක් ගතවීමෙන් පසු එනම් 2013 වසරේදී සිය පළමු ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම, ඉන් …

IPL පස්වැනි වරටත් ශූරතාවය මුම්බායි ඉන්දියන්ස්ට Read More »

mumbai indians

මුම්බායි ඉන්දියන්ස් IPL අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (05) දිල්ලි කැපිටලස් කණ්ඩායම සමග පැවති පළමු අවසන් පුර්ව තරගයේ දී ලකුණු 57ක ජයක් හිමිකර ගනිමිනි.

සනත් ජයසූරිය නැවතත් පිටියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සනත් ජයසූරියට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව ICC ය දන්වා ඇති බවට වාර්තා වේ. ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද ඒ බව තහවුරු කළේ ය. සනත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන්ට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වූ …

සනත් ජයසූරිය නැවතත් පිටියට Read More »

ඩිලන්ත යුරෝපයේ  සිංහ රාවය පතුරවයි

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත්ව තිබේ. මෙම තරගය ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වී තිබේ. මෙවර රජය විසින් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර තිබේ.

ICC මූලස්ථානය වසා දැමෙයි

කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

sri lanka cricket

LPL වෙන්දේසියට ප්‍රබලයෝ රැසක්

ක්‍රිස් ගේල්, ඩැරන් සැමි,ඩැරන් බ්‍රාවෝ යන ප්‍රබල කොදෙව් ක්‍රීඩකයන් ද ෂාහිඩ් අෆ්රිඩි, ෂකිබ් අල් හසන්, රවී බෝපාරා, කොලින් මුන්රෝ, වර්නන් ෆිලැන්ඩර් සහ මුනාෆ් පටෙල් යන ක්‍රීඩකයන්ද ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්තෝම්බර් 01 වැනිදා පැවැත්වීමට යෙදී තිබෙන ක්‍රීඩක වෙන්දේසියේ ලංසු තැබීම සඳහා ක්‍රීඩකයන් 150 ක් පමණ ඇතුළත් බවද …

LPL වෙන්දේසියට ප්‍රබලයෝ රැසක් Read More »

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා නැවතත් ලංකාවෙන් බිහිවෙයි

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ජර්මනියේ ඩොසොව්හි පැවැති ඇන්හාල්ට් ජර්මන් ජාත්‍යන්තර තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා. යුපුන් හමුවේ බිඳ වැටුණේ  ශ‍්‍රී ලංකාවේ  හිමාෂ ඒෂාන් විසින් තත්පර 10.22කින් තබා තිබූ වාර්තාවය. මේ …

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා නැවතත් ලංකාවෙන් බිහිවෙයි Read More »

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒමට සාකච්ඡාවක්

1973 අංක 25 දරණ (වරින් වර සංශෝධිත) ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒම පිළිබදව අධීකරණ අමාත්‍ය ජනාධීපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණී. ඒ අනුව මාස  06ක් තුල අදාල සංශෝධන සිදුකල යුතු බවටත් පලමු මාසය තුල ක්‍රීඩා අමාත්‍යාංශ …

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒමට සාකච්ඡාවක් Read More »

ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මැද භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. LPL තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් …

ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට Read More »

කොවිඩ්-19 වසංගතයෙන් පසුව පළමු ජාතික වාර්තාව පිහිටවීමට ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සමත්වෙයි

කොවිඩ්-19 වසංගතයෙන් පසුව පළමු ජාතික වාර්තාව පිහිටවීමට ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන Hiruni Wijayaratne සමත් වී ඇත. ඒ එරට මියුසික් සිටි දුර සැණකෙළියේදී (Music City Distance Carnival) මීටර් 5000ක් 16: 17.51ක වෙලාවකින් අවසන් කරමිනි. ඇයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 වෙනුවෙන් 2021 වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගීවීමට වරම් ලැබේයැයි පාර්ථනා කරමු.

srilankacric

ශී‍්‍ර ලංකාවට යළි කි‍්‍රකට් වසන්තය

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක‍්‍රීඩාංගණ හතරකදී මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කරන්නේ. විදෙස් ක‍්‍රිඩකයින් 74 දෙනෙකුද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.  

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ පැවැත්වීමට වැඩි ඉඩක්

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඉකුත්දා පැවති ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම සදහා බහුතරයකගේ එකගතාව පළ …

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ පැවැත්වීමට වැඩි ඉඩක් Read More »

21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ක්‍රීඩකයා ලෙස විස්ඩන් සගරාව විසින් නම් කර තිබේ. මුත්තයියා මුරලිදරන් දවාගෙන ඇති ටෙස්ට් කඩුලූ 800න් කඩුලූ 573ක්ම ඔහු දවාගෙන ඇත්තේ 2000 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2010 වසර දක්වායි. ඒ සදහා ඔහු වැය කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 85කි. කි‍්‍රකට් දත්ත විශ්ලේෂන සමාගම සහ …

21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් Read More »

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලංකාවට

ලබන සැප්තැම්බර් මාසයේ පකිස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වි ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. පාකිස්තානය මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට නියමිතව තිබුණ ද ආරක්ෂක හා දේශපාලනික හේතූන් මත ඉන්දියාව පාකිස්තානයට යාමට අකමැති විය. ආසියා කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙන තාක් පාකිස්තානය ආසියානු කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති …

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලංකාවට Read More »

Scroll to Top