Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

සිව්වෙනි වරටත් ස්පාඤ්ඤයට 2024 යුරෝපා පාපන්දු කිරුළ

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

ශ්‍රී ලංකා නේපාල තරඟය අතහැර දමයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරඟ සංවිධානයකයින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණි. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබේ.

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කරනලදි. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා …

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක් Read More »

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය.තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.

srilankacric

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පුහුණු තරග දෙකෙන් පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.ඒ නෙදර්ලන්තයට එරෙහිවයි. මෙම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල්හි Central Broward Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.මෙම තරගයෙන් අනතුරුව එළබෙන 31වැනිදා දෙවැනි පුහුණු …

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට Read More »

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර 16වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) රාත්‍රියේදී සමත් විය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ඔවුන් ශූරයින් ලෙසින් කිරුළු පැළදී තෙවැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වුණි. චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී හයිද්‍රබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු …

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට Read More »

LPL ක්‍රීඩක වෙන්දේසිය

2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වු ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ( මැයි මස 21) වාර්තා පොත් අතරට එක්විය. මතීෂ පතිරණ තරග වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 120,000 කට මිලදී ගනු ලැබුවේ Colombo Strikers කණ්ඩායම විසිනි. 05 වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ( මැයි මස 21 වැනිදා) …

LPL ක්‍රීඩක වෙන්දේසිය Read More »

lpl sri lanka cricket news

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමට පෙර තරගාවලියේ කණ්ඩායම් පහ විසින් ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම Pre – Singed අවස්ථාව යටතේ තම කණ්ඩායම් සඳහා එක් කර ගෙන ඇති අතර, ඊට අමතරව පෙර තරගාවලියේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තවදුරටත් තම කණ්ඩායම්වල රඳවා ගැනීමට ද තීරණය …

LPL ක්‍රීඩක වෙන්දේසිය අද Read More »

20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාව බලා පිටත්වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදැසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 651 දරණ ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා, අතිරේක ක්‍රීඩකයින් …

20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාව බලා පිටත්වෙයි Read More »

16 වන ලෝක පාසැල් චෙස් ශූරයෝ දිවයිනට

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණියහ. රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සදහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුහු සමත්ව සිටියහ. මෙම තරගාවලිය ඉකුත් පසුගිය පසුගිය …

16 වන ලෝක පාසැල් චෙස් ශූරයෝ දිවයිනට Read More »

ලක් මව රනින් සැරසූ කාලිංග කුමාර

ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේ​ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් ඊයේ (12) සමත් විය. එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්. මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා විය.

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ. සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත. මේ සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට …

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට Read More »

T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි

එළැඹෙන ක්‍රිකට් T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන නව ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන ලද අතර, එය එළිදැක්වීම ජා ඇළ පිහිටි Moose Clothing සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇතුළු ව ගෞරවනීය සම්භාවනීය අමුත්තෝ …

T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි Read More »

t20worldcup

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන් …

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය Read More »

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි. ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16දී බිඳ වැටුණු අතර, සිව්වැනි ඕවරය ක්‍රියාත්මක කළ උදේශිකා ප්‍රබෝධනි පන්දු 3ක් තුළ ක්‍රීඩිකාවන් දෙදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූවාය. ශ්‍රී …

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට Read More »

ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද පාකිස්තානයට

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම අද (8) මෙරටින් පිටත්ව යෑමට නියමිතය. ඉස්ලාමාබාද් නුවරදී මේ තරගාවලිය ලබන 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ ඇෆ්ගනිස්තානය, ඉරානය, කිරිගිස්තානය සහ ටර්ක්මෙනිස්තානය ඇතුළත් වෙයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දීප්ත රොමේෂ්ට …

ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද පාකිස්තානයට Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය …

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි Read More »

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි. එම තරගය අද (04) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.

ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා. එමෙන්ම අද වනවිට එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකර ශ්‍රේණිගත කිරීම් තුළ අංක එක ස්ථානයේ රැදී සිටින්නේ චමරි අතපත්තුයි.

ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට

06 වන ආසියානු කැරම් ශූරතාවට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා. 06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මෙම තරගාවලිය පසුගිය 27 – 01 දින දක්වා මාළදිවයින මාළේ …

ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට Read More »

Scroll to Top