Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

sl-au

එක්දින ක්‍රිකට් තරගාවලිය අද පල්ලෙකැලෙන් ඇරඹෙයි

සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වෙයි. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 99 වැනි එක්දින තරගය මෙය වන අතර, මෙතෙක් ඉතිහාසයේ පැවැති තරග 98කින් ඔස්ට්‍රේලියාව තරග 61ක් හා ශ්‍රී ලංකාව තරග 33ක් ජය ගෙන තරග 4ක් විසඳුමකින් තොරව …

එක්දින ක්‍රිකට් තරගාවලිය අද පල්ලෙකැලෙන් ඇරඹෙයි Read More »

dasun-shanaka

දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

තෙවැනි T20 ජාත්‍යන්තර තරඟයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති එම තරඟයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 177 පන්දු ඕවර 19.5කදී ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 25ක් තුලදී නොදැවී ලකුණු 54ක් රැස් කළේය. …

දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි Read More »

sl-aus

ශ්‍රී ලංකාවට කඩුලු 10ක පරාජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ඊයේ පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු දහයක් දැවි රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණි. එයට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර දාහතරක (14)කදී ලකුණු 134ක් …

ශ්‍රී ලංකාවට කඩුලු 10ක පරාජයක් Read More »

sri-lanka-team

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20යි 20 තරඟාවලියේ පළමු තරගය අද ආරම්භ වීමට නියමිත යි. පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන මෙම තරගය සඳහා එරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ නම් කෙරුණා. ජුනි 07 සහ 08 යන දෙදින තුළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරග ද්විත්වයේ ප්‍රවේශපත් …

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද Read More »

gujarat titans champions

IPL ශූරතාවය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් මහා තරගයේ දී කුමාර සංගක්කාර පුහුණුකාරීත්වය දැරූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්ය. රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම …

IPL ශූරතාවය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට Read More »

mahela

ගුජරාට් ටයිටන්ස් අවසන් වටයට

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පළමු වරට එක්වූ කණ්ඩායමක් වීම වීශේෂයක්. භානුක රාජපක්ෂ, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරගේ ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළියක් සිදුකළ හැකි යැයි තමන් විශ්වාස කරන බව මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධන පැවසුවේය.   …

ගුජරාට් ටයිටන්ස් අවසන් වටයට Read More »

sanath

ක්‍රිකට් ලොව හොල්ලපු ලෝක පූජිත වීරයාත් පාරට

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද ජනතාව සමග පාරට බැස තිබේ. වත්මන් රජයට එරෙහිව පැන නැගුනු මහජන අරගලය මේ වන විට වඩාත් තීවුර වී ඇති අතර මීට පෙර රොෂාන් මහානාම, උපුල් තරංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයින්ද මහජන රජයට එරෙහිව මහජන අරගලයට සහය දැක්වීය.

panjab

පන්ජාබ් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ භානුකගෙන් සුපිරි ඉනිමක්

IPL තරගාවලියේ  බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ්  කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ්  කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. ලකුණු දෙසිය පහක ඉලක්කයක් හබා ගිය පන්ජාබ් කණ්ඩායම පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු දෙසිය අටක් ලබා තරගය ඔවුන් ජය ගත්තේය. පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ …

පන්ජාබ් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ භානුකගෙන් සුපිරි ඉනිමක් Read More »

සංගක්කාරගේ වාර්තාවක් ස්ටීවන් ස්මිත්ට

ටෙස්ට් ලකුණු 8000 සීමාව කරා අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ළඟා වූ ක්‍රීඩකයා බවට පත් වන්නට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද (24) සමත් විය. ස්මිත් ලකුණු 8000 කඩයිම කරා ළඟා වීමට වැය කර තිබුණේ ටෙස්ට් ඉනිම 151ක් පමණයි. මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියුවේ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරයි. ඔහුට …

සංගක්කාරගේ වාර්තාවක් ස්ටීවන් ස්මිත්ට Read More »

srilankacric

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය  අගොස්තු 27වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර ආසියානු කුසලාස තරගාවලිය විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමටද සැලසුම් කර ඇත. එම තරගවාලියට සුදුසුකම් ලැබීමේ තරග එළඹෙන අගෝස්තු 20 වනදා සිට පැවැත්වීමට නියමිතය.

srilankacric

ලක්ෂ ගණන් සල්ලි නාස්ති කරලා ක්‍රිකට් මැච් පරදිනවා

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විවේචනාත්මක අදහස් දක්වා තිබෙනවා. “ලක්ෂ ගණන් සල්ලි නාස්ති කරලා ක්‍රිකට් මැච් පරදිනවා” යැයි ගුවන්තොටුපොළ පර්යන්තයේ සිටි පුද්ගලයා සුරංග ලක්මාල්ගේ මුහුණටම පවසා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් සමුගත් සුරංග ලක්මාල් මාධ්‍ය වෙත පැවසුවේ මින් අනතුරුව තමන් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවයි. …

ලක්ෂ ගණන් සල්ලි නාස්ති කරලා ක්‍රිකට් මැච් පරදිනවා Read More »

srilankacric

ටෙස්ට් තරඟ දෙකම තෙවෙනි දිනයෙන් නිමා කල අපේ ක්‍රීඩකයෝ – පිතිකරනය මොන්ටිසෝරී මට්ටමට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ(14) සමත්වුණා. ඒ අනුව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවුණා. දිමුත් කරුණාරත්න ලකුණු 107යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කිරිමට නොහැකිවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන අංශයේ දුර්වලතාවය මොන්ටිසෝරී මට්ටමට වැටි තිබෙන බව විස්තර විචාරකයින් මනාවට පවසන ලදි. තම …

ටෙස්ට් තරඟ දෙකම තෙවෙනි දිනයෙන් නිමා කල අපේ ක්‍රීඩකයෝ – පිතිකරනය මොන්ටිසෝරී මට්ටමට Read More »

suranga-lakmal

සුරංග ලක්මාල් මෙරට ක්‍රිකට් දිවියට සමුදී එංගලන්තයට යයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඊයේ (14) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය. ඒ ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවය. 35 හැවිරිදි ලක්මාල් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩ(ර්)බිෂයර් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

shanewan

ෂේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි

ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර ඔහු ලොව බිහි වූ ක්‍රිකට් විශිෂ්ටයකු මෙන්ම ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස ද සැලකේ. ඔහු තායිලන්තයේ කෝහ් සමුයි දි සෙනසුරාදා අලුයම් කාලයේ දී …

ෂේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි Read More »

indiawin

ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අද පැවති තුන්වන සහ අවසන් තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් …

ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් Read More »

srilankacric

භානුක, අවිශ්ක නැති සංචිතයක් ඉන්දියාවට එරෙහිව නම් කෙරේ

ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවැති පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ අවිශ්ක ප‍්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේශ් මෙන්ඩිස් එළඹෙන ඉන්දීය පන්දුවාර 20-20 තරගාවලියෙන් ඉවත්කර ඇති අතර අදාළ තරගාවලිය සඳහා නම් කරනු ලබනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි භානුක රාජපක්ෂ ද එම සංචිතයට ඇතුළත් කර නොමැත. ශාරිරික යෝග්‍යතාවය පෙන්වීමට නොහැකි වීම මත කී‍්‍රඩාවෙන් ඉවත්වීමට ද තීරණය කර කී‍්‍රඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් …

භානුක, අවිශ්ක නැති සංචිතයක් ඉන්දියාවට එරෙහිව නම් කෙරේ Read More »

wanidu

වනිඳුට කෝටි 10.75ක් සහ චාමිකට ලක්ෂ 50ක ලංසුවක්

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවේ චාමික කරුණාරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට කොල්කටා නයිට් රයිඩ්ස් කණ්ඩායම මිලදී ගත්තේ ය. වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිණි.

srilankavsaus

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20/20 තුන්වන තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද පැවැත්වේ. තරග 5 කින් සමන්විත තරගාවලිය තරගය 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40ට කැන්බරාහීදී ආරම්භ වනු ඇති.

srilankavsaus

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 තරගය සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 1.40 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20 ක ජයක් හිමිවිය.

aus-sri

ශ්‍රී ලංකාවට එරෙහි පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් ඊයේ (11) ජය ගත්‌තේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 143 කි. නමුත් පන්දුවාර 19 …

ශ්‍රී ලංකාවට එරෙහි පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට Read More »

Scroll to Top