Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද යළි තරග බිමේ

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද පස්වරුවේ 3.30ට පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරග 02 ම ජය ගැනීමට සමත් වුණා.  

t20-worldcup

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් 16වැනිදා සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් …

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ Read More »

mahela

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් පැමිණෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙවර තරගාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු …

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් පැමිණෙයි Read More »

upun-abekon

ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා මෙරටින් බිහිවේ

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන යුපුන් අබේකෝන් ලෝකයෙන් ම 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වී තිබෙනවා. යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන අතර, ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා යි. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.

srilanka-legends

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත්ව තිබේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුනු පළමු තරග දෙකම ජය ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ ඉන්දියාව රැදී සිටින අතර, ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද …

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට Read More »

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්තයත් පරදවයි

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මීට සුළු වේලාවකට පෙර සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනත් ජයසූරිය කඩුළු 4ක් දවා ගැනීමට …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්තයත් පරදවයි Read More »

t20 world cup squad 2022 india

ලෝක කුසලානයට සහභාගිවන ඉන්දීය සංචිතය මෙන්න

2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම්කර තිබේ. එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය පහතින්….. රෝහිත් ෂර්මා (නායක) කේ. එල්. රාහුල් විරාට් කෝලි සූර්ය කුමාර් යාදේව් දීපක් හූඩා රිෂාබ් පෑන්ට් (කඩුළු රකින්නා) දිනේශ් කාර්තික් (කඩුළු රකින්නා) හර්ඩික් පාණ්ඩ්යා ආර්. …

ලෝක කුසලානයට සහභාගිවන ඉන්දීය සංචිතය මෙන්න Read More »

live cricket score

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රැගෙන ඒමට නියමිතය. ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06වෙනි අවස්ථාව මෙය වේ. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය.

dasun-and-banuka

දසුන්ගේ මීළඟ බලාපොරොත්තුව

වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවතියේය. එය ක්‍රීඩා විචාරකයිගේ ද දැඩි අවදානයට සහ පැසසුමට ලක්වුණි. මේ අතර අවසන් මහා තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ සම්මාන හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස …

දසුන්ගේ මීළඟ බලාපොරොත්තුව Read More »

asianetball-2022

ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණි. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි. ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වේ. 2022 ආසියානු දැල් පන්දු …

ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට Read More »

srilanka-legends

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට ලකුණු 38ක ජයක්

තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ ඩිල්ෂාන් මුණනවීරගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට ලකුණු 38ක ජයක් Read More »

asia-cup-win2022

ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී

පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ 6 වන අවස්ථාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ වසර 08කට පසුව වීමද විශේෂත්වයක්. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය. ශ්‍රී ලංකා කණ්ඩායම …

ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී Read More »

asia-cup2022

ආසියානු කුසලාන අපරාජිතත්වය රැක ගැනීමට අද ශ්‍රී ලංකාව කණ්ඩායම පිටියට

ආසියානු කලාපයේ ක්‍රිකට් රජුන් ලෙස කිරුළු පැළඳීම පිණිස ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අද (11) රාත්‍රී 7.30 ට විදුලි ආලෝක මධ්‍යයේ තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම පන්දු වාර 20-20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති නායකයා වන දසුන් ශානක සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර මේ වනවිට ලොව …

ආසියානු කුසලාන අපරාජිතත්වය රැක ගැනීමට අද ශ්‍රී ලංකාව කණ්ඩායම පිටියට Read More »

sl-pak-win

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතත්වය රැකගනියි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්තානු කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඬුලු 05 කින් ජයගැනීමට සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 121 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුළු 3ක් …

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතත්වය රැකගනියි Read More »

Virat Kohli hits maiden T20I century

ඉන්දීය කණ්ඩායම ලකුණු 101කින් ජය ගනියි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයේ ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 2ක් දැවී ලකුණු 212ක් රැස්කර ගැනීමට සමත් විය. වසර ගණනකට පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් …

ඉන්දීය කණ්ඩායම ලකුණු 101කින් ජය ගනියි Read More »

asiacup

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය හෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හි දී පැවැත්වෙනවා. ලබන 11 වැනි දා පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ වටයේ තරගය හෙට රාත්‍රී 7.30ට පැවැත්වෙනු ඇති.

sl-paks

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට

පකිස්ථාන කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගනිමිනි. සාජාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි …

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට Read More »

slin

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පිල  සුදුසුකම් ලැබීය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය. ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී …

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Read More »

dasun-shanaka

සෑම තරගයක්ම අභියෝගයක්

අද (06) පැවැත්වෙන තරගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. දසුන් පැවසුවේ ඉන්දීය කණ්ඩායම නිසි පන්දු යැවීමේ බල ඇණියකින් සමන්විත වන අතර කිසිදු විටෙකත් ඔවුන් අවතක්සේරු නොකරන බවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායමද මේ වනවිට අද තරගය සඳහා මනා සූදානමකින් පසුවන බවත් ජාත්‍යන්තර කණ්ඩායමකට එරෙහිව පැවැත්වෙන …

සෑම තරගයක්ම අභියෝගයක් Read More »

pakisthan-india

පාකිස්තානයට තියුණු ජයක්

පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ  පැවැති දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණි. ලකුණු 182ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 5කදී කඩුලු 5ක් …

පාකිස්තානයට තියුණු ජයක් Read More »

Scroll to Top