Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි

2024 හොංකොං සික්සස් ශූරතාවලිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් තුළ කඩුලු 03ක් පමණක් …

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි Read More »

ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් ඊයේ (01) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සමාරම්භක තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ලෙස කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් නම් කර තිබෙනවා. මෙම තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනීම එළඹෙන නොවැම්බර් 10 …

ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් ප්‍රකාශයට පත් කරයි Read More »

ශ්‍රී ලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 189ක්. එහිදී ෂර්ෆන් රදෆෝඩ් ලකුණු 80ක් සහ …

ශ්‍රී ලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්: Read More »

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට

2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබේ.ඒ, සියයට 68.06ක තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කරමින්.අදාළ ප්‍රසාද ලකුණු සටහෙන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඉන්දිය කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 09කට ක්‍රීඩා කර ඇති අතර එහිදී තරග 05ක් ජයගෙන හතරක් පරාජයට …

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට Read More »

DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනලදි. ඒ අනුව ඔවුන් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් …

DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි Read More »

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගත් පළමු විස්සයි 20 තරගාවලිය

ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය පරාජය වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගත් පළමු විස්සයි 20 තරගාවලිය මෙයයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම …

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගත් පළමු විස්සයි 20 තරගාවලිය Read More »

ලංකා T10 සුපර් ලීග් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින ද‍ර්ශනයට එක් වන නවතම තරගාවලිය ලෙසින් ලංකා ටී 10 සුපර් ලීග් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. වසර කිහිපයක් පුරා පැවැත්වීමට නොහැකි වූ මෙම ලීග් තරගාවලිය දිවයිනේ ප්‍රදේශ 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රීඩක ලියාපදිංචි කිරීම …

ලංකා T10 සුපර් ලීග් තරගාවලිය Read More »

කමිඳු සහ ප්‍රභාත් ICC සම්මානයකට නිර්දේශ වෙයි

2024 සැප්තැම්බර් මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී තිබේ. ඒ ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනි. ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබේ.

sanath-jayasuriya

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් වැඩ බලන තනතුර වෙනුවට සනත් …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය Read More »

කමිඳුගෙන් ලෝක වාර්තාවක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත් වුණා. තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 306ක්. එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් රැස්කරගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා …

කමිඳුගෙන් ලෝක වාර්තාවක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව අද (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත. එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය …

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය Read More »

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඊයේ ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර, ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු …

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස Read More »

ඕවල්හි ශ්‍රී ලංකා ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය සත්කාරකයන් හට හිමි වී තරගාවලි ජය ඔවුන් සතු වුවත්, ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් …

ඕවල්හි ශ්‍රී ලංකා ඉතිහාසය Read More »

ක්‍රිකට් මහගෙදර ලොකුම පුටුවත් ඉන්දියාවට

ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිතය. මේ වන විට එම තනතුරේ කටයුතු කරනු ලබන්නේ නවසීලන්ත ජාතික Greg Barclay ය.

ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව අතපත්තු

ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි. 34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

ගහන්න ඕනද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. බෑ… එහෙමනම් අයින් වෙයන්. බබා උක්කුං ඇති – රසල් අනාල්ඩ්

ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තියුණු බිඳවැටීම ඉතා ලඟින් දකිමින් සිටින ලෝක සම්භාවනාවට පත් විචාරකයෙක් ලෙස රසල් අනාල්ඩ් මේ අදහස් දැක්වීම සිදුකරන්නේ Chilling With Russel යූ ටියුබ් චැනලයට එක් වෙමිනි. ඔහු කියන කතාව දැනෙන සුළුය. හැඟීම්බරය. තර්කානුකූලය. ඉන්දියානු කණ්ඩායම හා තරග කළ පසුගිය විස්සයි 20 තරග දෙක හා බැඳුන අතීත අත්දැකීම් ද සමග ඔහු සිය …

ගහන්න ඕනද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. බෑ… එහෙමනම් අයින් වෙයන්. බබා උක්කුං ඇති – රසල් අනාල්ඩ් Read More »

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව ට

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇති බව වාර්තා වේ. මේ බව සඳහන් කර ඇත්තේ තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී බවට තොරතුරු වේ. අද (28) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය …

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව ට Read More »

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන සහ අවසන් තරගය අද

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ, මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන සහ අවසන් තරගය අද (24 වැනිදා) රාත්‍රි 7.00ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙහිදී ශ්‍රී ලංකාව තායිලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කළහොත් අපරාජිතව …

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන සහ අවසන් තරගය අද Read More »

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.ඒ කඩුළු 09කින් Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා …

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට Read More »

ජූලි 19 දා සිට කාන්තා ආසියානු කුසලාන තරඟාවලිය නොමිලේ බැලීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා 20 ආසියානු කුසලානයේ තරඟ මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වීමට නියමිතයි. 2024 කාන්තා 20 ආසියානු කුසලානයේ තරඟාවලිය 2024 ජූලි 19 වන දින ආරම්භ වෙයි. එදින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරඟය ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිත …

ජූලි 19 දා සිට කාන්තා ආසියානු කුසලාන තරඟාවලිය නොමිලේ බැලීමට අවස්ථාව Read More »

Scroll to Top