Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

ව්‍යවසායකත්වයේ රන් සලකුණ ශාන්ත අන්දෲගේ බාලිකා මහා විද්‍යාලය

අද අපේ ගමන මැදි පළාතේ නාවලපිටියට. එම නගරයේ හරි මැදට වන්නටයි ශාන්ත අන්දෲගේ බාලිකා විද්‍යාලය (St.Andrew’s Balika M.V) පිහිටා තිබෙන්නේ. එතරම් විශාල ඉඩකට හිමිකම් කියන පාසලක් නොවුණත් නගරයේ, මහා මාර්ගයට ආසන්නව පිහිටා තිබීම අලෙවි පොළ ආදී කටයුතුවලටත් පහසුවක්. ඒ උදෙසාම කුඩා කරත්තයක් සකස් කිරීමටත් මේ සිසුවියන් පෙලඹී තියෙනවා. සැබැවින්ම, ව්‍යවසායකත්වය දියුණු කිරීම ඔස්සේ මෙරට සංවර්ධනය …

ව්‍යවසායකත්වයේ රන් සලකුණ ශාන්ත අන්දෲගේ බාලිකා මහා විද්‍යාලය Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවිය. වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වනුයේ සහය නිවේදිකාවක් ලෙස ය. වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූවාය. සුමනා නෙල්ලම්පිටිය මහත්මිය නිවේදන …

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. Read More »

susilpremajayantha

පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය. පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පාසල්වල මුරකරුවන්ගේ හිඟය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම …

පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් Read More »

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු බව කියා ගන්නා …

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය Read More »

එළවළු ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානයෙන් නොමිලේ පොහොර

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එළවළු වගාවේ නිරත වන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානය විසින් යුරියා, මඩ‌ පොහොර සහ බණ්ඩි පොහොර නොමිලේ දීමට කටයුතු යොදා ඇත. මේ පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට භාර දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. අප රටේ …

එළවළු ගොවීන් 3476කට කටාර් චැරිටි සංවිධානයෙන් නොමිලේ පොහොර Read More »

අතුරුගිරියේ පාර පුරා යන හරක් ජනතාවට බරක්

අතුරුගිරිය පොලිස් බලප්‍රදේශයේ ගොඩගම, බොරැල්ල මාර්ගයේ, අතුරුගිරිය පරණ හන්දිය ආසන්නයේ සිට හබරකඩ දෙසට මාර්ගයේ සැරිසරන අයාලේ යන ගව රංචු හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි ඒ ඔස්සේ ගමන් කරන ජනතාව පවසති. සෑම දිනකම පෙරවරු කාලයේ මෙම මාර්ගයේ ධාවනය කරන රථවාහනවලට බාධා වන පරිදි මෙලෙස ගවයන් සැරිසරන බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම අතුරුගිරිය …

අතුරුගිරියේ පාර පුරා යන හරක් ජනතාවට බරක් Read More »

perahera in english

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹෙයි

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු විය. එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (අගෝ.05) අළුයම යෙදී තිබූ සුබ මෙ‍ෙහාතින් සිටුවීම සිදු කළේය. 2024 කන්ද උඩරට ඇසළ …

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹෙයි Read More »

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු අද (05) දින සිදු කිරීමට නියමිතයි. ඒ අනුව විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු ලබන බව …

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක් Read More »

නාසා වැඩමුළුවට ශ්‍රී ලාංකික සිසුවෙක්

වසර 2024 ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලය මගින් සහ නාසා ආයතනය මගින් පවත්වන ලද වැඩමුළුව සඳහා එච්.ටී. ගයුම් සිත් රූ සිසුවා තෝරාගෙන ඇත. මෙම සිසුවා ගම්පහ ජේ.එම්.සී. පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට්

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට් ක්‍රමවේදය හේතුවෙන් වේලාවක් වෙන් නොකරන පුද්ගලයන් හතළිස් දෙනෙකු සඳහා පමණක් ගුවන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඊ පාස්පෝට් ක්‍රමය ලබන ඔක්තෝබරයේ දී ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පැරණි ක්‍රමයට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම උපරිමයෙන් සීමා කර තිබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේය. …

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට් Read More »

බදුල්ල සිට මාකුඹුරට අධිසුඛෝපභෝගි ලංගම බස් රථ සේවාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍ර‍ථමවරට බදුල්ලේ සිට මාකුඹුරට නව අධි සුඛෝපභෝගී ලංගම බස්රථ සේවාවක් ඊයේ (4) ආරම්භ කළ බව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සහකාර ඩිපෝ කළමනාකාර ආර්.එම්. ප්‍රදීප් අසංක රත්නායක මහතා පැවැසීය. මගීන්ගේ ගමන් පහසුව තකා ප්‍රථමවරට බදුල්ල ඩිපෝව මඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම සුඛෝපභෝගී බස්රථ සේවාව ආරම්භ කළ බවත් සෑම දිනකම උදෑසන 7.45ට …

බදුල්ල සිට මාකුඹුරට අධිසුඛෝපභෝගි ලංගම බස් රථ සේවාවක් Read More »

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු …

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රථම Bitget හමුව

ප්‍රමුඛ ක්‍රිප්ටෝ වත්කම් වෙලදපොලක් සහ Web3.0 නවෝත්පාදක ආයතනයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුල සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථ​ම වැඩසටහන 2024 අගෝස්තු 3 වන දින සවස 6 සිට කොළඹ NH Collection, Mont Blanc හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙරට ප්‍රජාව තුළ ක්‍රිප්ටෝ වත්කම් සහ බ්ලොක් චේ​න් තාක්ෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු …

ශ්‍රී ලංකාවේ ප්‍රථම Bitget හමුව Read More »

”ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි

Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි “ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB)  පිදුම් ලැබීය. ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් මඟින් පවත්වන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර ඒ සඳහා සංචාරක,ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය. එහිදී අමාත්‍ය තුමන් වෙත සම්මානය ප්‍රදානය කිරීම සිදුවිය. සංචාරක කර්මාන්තයට එහි …

”ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි Read More »

amazon rainforest news

වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. මේ …

වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත් Read More »

පොඩි හාමුදරුවන්

ගංගාරාමය බැබළවූ මුළු ලොවක් ජයගත් පොඩිහාමුදුරුවෝ යන්නම යයි

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ. එදා කොළොම්පුර හුණුපිටියේ බේරේ වැව අද්දර කුඩා ආවාසයකි. දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි එහි වැඩම කළ සේක. ඒ 1885 වසරේදීය. ගංගාරාම පුරාවෘතය ඇරඹෙන්නේ එතැන් සිටය. එදා එහි පැවතියේ …

ගංගාරාමය බැබළවූ මුළු ලොවක් ජයගත් පොඩිහාමුදුරුවෝ යන්නම යයි Read More »

passport

පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි. ‍‍‍‍ සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට සැලැසුම් කර ඇති බවයි, අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා …

පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක් Read More »

election

ජනපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153ක්

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර වෙයි. එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබේ. මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව වන්නේ “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු !” යන්නයි. දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් …

ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි Read More »

aboutceylon

කිරි ගවයන්ට තණබිම් නෑ කිරි ගවයන් විකුණන්නයි වෙන්නේ – ගොවීහු පවසති

මහවැලි බී කලාපයේ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාසයේ කිරි ගොවියන් විසින් පාලනය කරනු ලබන කිරි ගවයන් සඳහා තෘණ බිම් නොමැති වීම හේතුවෙන් කිරි ගවයන් විකිණීමට සිදුව ඇති බව දිඹුලාගල, සේරුවිල, නාමල්පොකුණ, මලියදේවපුර, මනම්පිටිය ඇතුළු ගම්මාන රැසක කිරි ගොවීහු සඳහන් කරති. දිඹුලාගල හා වැලිකන්ද කොට්ඨාසයේ කිරි ගොවි පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවක් කිරි ගව පාලනයෙන් ජීවත්වන අතර, තෘණ …

කිරි ගවයන්ට තණබිම් නෑ කිරි ගවයන් විකුණන්නයි වෙන්නේ – ගොවීහු පවසති Read More »

Scroll to Top