Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම මුද්දරයෙහි දිග මිලිමීටර් 205කින් යුතු බවයි. මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරයයි මෙම නව වාර්තාවට හිමිකම් කියන්නේ.

තැපැල් ඡන්දයට ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබයි

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. 2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ඒ …

තැපැල් ඡන්දයට ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබයි Read More »

aboutceylon star-link

සැප්තැම්බර් අවසානයේ ඊලෝන් මස්ක් පැමිණේවි

සයිබර් අවකාශය සඳහා අප වෙත සහසම්බන්ධය ලබාදෙන නවතම මාර්ගය වන්නේ ස්ටාර්ලින්ක් නම් සේවාවය. ලෝකයේ පෙරළියක් ඇති කළ මෙම සේවාව ශ්‍රී ලංකාව සඳහා ද පැමිණ ඇතැයි වාර්තා වන්නේ හෙයින් ඒ පිළිබඳ කටයුතු සොයා බැලීම පිණිස අප යොමුවූයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම වෙතය. එහි අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක මහතා සමඟ ඒ පිළිබඳ සිදු කළ සාකච්ඡාවයි …

සැප්තැම්බර් අවසානයේ ඊලෝන් මස්ක් පැමිණේවි Read More »

ලංකා විදුලිබල මණ්ඩලයට රු. බිලියන 34.53 ක ශුද්ධ ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මීට පෙර 2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී මණ්ඩල රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මේ අනුව 2024 වසරේ පළමු භාගය තුළ දී මණ්ඩලය වාර්තා කර …

ලංකා විදුලිබල මණ්ඩලයට රු. බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් Read More »

මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යට වී තිබේ. එසේම, කුකුලේගඟ සහ දැදුරු ඔයේ වාන් දොරටු ද තවදුරටත් විවෘත කර ඇති බව පැවසෙයි. මීට අමතරව, බුලත්සිංහල, ඉංගිරිය, ඇලපාත, ඇහැලියගොඩ සහ කලවාන ප්‍රදේශවලට නිකුත් කළ රතු වර්ණය යටතේ වූ නාය යෑමේ අවදානම් නිවේදන ද තවදුරටත් වලංගු වේ. බස්නාහිර, සබරගමුව සහ …

මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවෙයි Read More »

earthque

ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවල අද (20) භූ චලන

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබේ. එම භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එමඟින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරන බව වාර්තා වේ.

පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්

මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ අනුව මෙම බැනර් පෝස්ටර් කටවුට් ඉවත් කරන කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 1300ක පමණ …

පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක් Read More »

රුසියාවෙන් වාර්තා වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව, පසු කම්පන 04 ක්

රුසියාවෙන් වාර්තා වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව, පසු කම්පන 04 ක් සිදුව තිබේ. කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ඊයේ (18) උදෑසන වාර්තා වූ භූ කම්පනයේ ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 7 කි.අනතුරුව වාර්තා වූ පසු කම්පන වල ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 04 ත් 05 ත් අතර අගයක් සටහන් විය. භූ කම්පනයත් සමග කම්චත්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී …

රුසියාවෙන් වාර්තා වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව, පසු කම්පන 04 ක් Read More »

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී පෝය දිනයකි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරයි. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව …

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි Read More »

ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කෙරේ

මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරේ. සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ. මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. පොලිසිය පැවසුවේ, ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ …

ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කෙරේ Read More »

travel

විදෙස් සංචාරකයින් ලක්ෂ 12 ඉක්මවයි

2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649ක්. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා. අගෝස්තු මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ …

විදෙස් සංචාරකයින් ලක්ෂ 12 ඉක්මවයි Read More »

අලි සංගණනය සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්න

වන අලි ඇතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිතව මේ දිනවල ඇදහැළෙන වැසි හේතුවෙන් වන අලි සංගණනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් අලි සංගණනය සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්නැයි වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් පවසයි. වන අලි සමීක්ෂණය -2024 යන මැයෙන් මෙම …

අලි සංගණනය සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්න Read More »

ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්

Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය …

ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක් Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් …

ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි Read More »

ඇල්ල, කුඹුල්වෙල මහමෙව්නා මාවත ජනතා අයිතියට

“අපේ රටේ ඉතිහාසයේ ගමන්මඟ වෙනස් වුණේ මහින්දාගමනයෙන්. ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ මනුස්සකම ඇතුළු සියලුම වෙනස්කම් ලෝකයට අරන් ගියේ බෞද්ධ ධර්මය නිසයි.” යනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඇල්ල, කුඹල්වෙල, මහමෙව්නාව මාවත කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කරමිනි. බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු …

ඇල්ල, කුඹුල්වෙල මහමෙව්නා මාවත ජනතා අයිතියට Read More »

නව නීති ගෙනත් හෝ වතු කම්කරු වැටුප වැටුප් වැඩි කරනවා

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බවත් වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැව­ැසීය. …

නව නීති ගෙනත් හෝ වතු කම්කරු වැටුප වැටුප් වැඩි කරනවා Read More »

ළමා ආර­ක්ෂාව පිළි­බඳ බස් රියැ­දු­රන් දැනු­වත් කිරී­මක්

ළමා ආර­ක්ෂාව පිළි­බ­ඳව බදුල්ල හා අවට ප්‍රදේ­ශ­වල පාසල් ළමුන් ප්‍රවා­හ­නය කරනු ලබන රථ­වා­හන හිමි­ක­රු­වන්, රියැ­දු­රන් හා සහා­ය­ක­යන් දැනු­වත් කිරීමේ විශේෂ වැඩ­ස­ට­හ­නක් බදුල්ල සහ­කාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනෙ­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි. මෙහිදී ළමා ආර­ක්ෂාව හා ඊට අදාළ නීති රීති සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රියේ බදුල්ල දිස්ත්‍රික් ළමා ආර­ක්ෂක නිල­ධාරී ප්‍රදීප කේ. …

ළමා ආර­ක්ෂාව පිළි­බඳ බස් රියැ­දු­රන් දැනු­වත් කිරී­මක් Read More »

අම්බ­ල­න්තොටින් අඩි 78ක සුඛෝ­ප­භෝගී යාත්‍රාවක්

අම්බ­ල­න්තොට, වැලි­ප­ට­න්විල, උස­න්ගොඩ සංචා­රක බෝට්ටු නිෂ්පා­දන කම්හලේ මෙරට තරු­ණ­යන්ගේ දෑතින් නිම­වෙන සුඛෝ­ප­භෝගී සංචා­රක බෝට්ටු විදෙස් ආයෝ­ජ­ක­යන්ට ලබා දීම සිදු කෙරේ. මෙලෙස මේ වසරේ ඉදි­කි­රීම් අව­සන් කරන ලද සංචා­රක බෝට්ටු­වක් කැරි­බි­යන් දූපත් ආශ්‍රිත කුර­සාමෝ දූපතේ සංචා­රක කර්මා­න්තය සඳහා විදෙස් ආයෝ­ජ­ක­ය­කුට ලබා දීම පසු­ගි­යදා සිදු විය. මුහුදේ පාවෙන අව­න්හ­ලක් ලෙසින් නිර්මා­ණය කර ඇති මෙම සංචා­රක මගී යාත්‍රාව …

අම්බ­ල­න්තොටින් අඩි 78ක සුඛෝ­ප­භෝගී යාත්‍රාවක් Read More »

වැදි ජන සමාජය wadda in sinhala

ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහායි. ඒ අනුව මෙවර එහි තේමාව වී ඇත්තේ “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම”යන්නයි. මෙරට ආදිවාසී ජනයාද දඹාන, කොටබකිණිය ගම්මානයේදී අද ජාතික ආදිවාසි දිනය සමරනු ලබයි.

‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි

ජූලි 06 වැනිදාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ ජන රැලි ඇතුළු …

‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි Read More »

Scroll to Top