Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. මෙහිදී අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් …

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක් Read More »

ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියයයි

2024 වසරේ පළමු භාගය තුළ ජපානයේ 40,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළ පමණක් මිය ගිය බව එරට පොලිසියේ වාර්තාවක් පෙන්වාදී තිබෙනවා. එම සංඛ්‍යාවෙන්, පුද්ගලයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසුව සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවද මළ සිරුරු 130 ක් සොයා ගැනීමට පෙර, ඒවා වසරකට පෙර අතුරුදහන් …

ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියයයි Read More »

වරද්ද ගන්නේ නැතුව ඡන්දය දෙන්නේ මෙහෙමයි

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරයි. කෙසේ …

වරද්ද ගන්නේ නැතුව ඡන්දය දෙන්නේ මෙහෙමයි Read More »

ඡන්දය ප්‍රකාශ කරන්න වලංගු හැඳුනුම්පත් මෙන්න

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන කාර්යාල සහ දිනයන් පිළිබඳව එම නිවේදනයේ දැක්වෙයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව …

ඡන්දය ප්‍රකාශ කරන්න වලංගු හැඳුනුම්පත් මෙන්න Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේවන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද …

තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න Read More »

උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක්

උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබේ. යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස …

උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක් Read More »

adiwasin

ආදි වාසී උරුමය රකින්න නව නීතියක්

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ. එහිදී අදාළ සියලුම …

ආදි වාසී උරුමය රකින්න නව නීතියක් Read More »

vee

රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට

  වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලයට …

රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට Read More »

සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා. කිසියම් කෙනෙකුට වෛද්‍ය හේතූන් මත නිවාඩු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ ප්‍රදේශය …

සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි Read More »

මිනිසා වඳවී යාමේ තර්ජනයක

මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.පසුගිය වසර මිලියන 166 තුළ Y …

මිනිසා වඳවී යාමේ තර්ජනයක Read More »

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව …

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක් Read More »

vee

ඉතිහාසයේ ඉහළම අස්වැන්නක් ලබා දුන් වී වර්ගයක්

අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහළම අස්වැන්න ලබා දී තිබෙනවා. මෙරට වී වගාවේ නව පෙරැළියක් ඇති කරමින් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මේ වනවිට එම වී ප්‍රභේදය …

ඉතිහාසයේ ඉහළම අස්වැන්නක් ලබා දුන් වී වර්ගයක් Read More »

tea

තේ පොහොර මිටියට සහනයක්

තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති …

තේ පොහොර මිටියට සහනයක් Read More »

ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු …

ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට Read More »

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

exam

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම්දීමක්

ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයෙන් දක්වා ඇත්තේ විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව) පැවැත්වීමට නියමිත බවයි. ගුරු විද්‍යාල අවසාන විභාගය සදහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර …

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම්දීමක් Read More »

මැතිවරණ ආරවුල් විසඳන්න රට පුරා මධ්‍යස්ථාන

මැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. ඒ පිළිබඳ මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියළුම දිස්ත්‍රික්ක සඳහා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි. එම මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ලිපිනයන් ඇතුළු විස්තර එම නිවේදනයේ සඳහන්. මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ, අදාල නිවේදනය පහතින්,

දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. හලාවත හා බංගදෙණිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන්, නිසා මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණ පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් තිබේද?

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. …

මෙවර ජනාධිපතිවරණ පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් තිබේද? Read More »

weather

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

  බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි …

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි Read More »

Scroll to Top