Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

bus-ctb newswire news

විශේෂ ලංගම බස් රථ සේවාවක්

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බවයි ප්‍රකාශ කළේ.

ලොව පළමු ට්‍රිලියනපතියා වීමේ වාසනාව එලෝන් මස්ක්ට

විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන්. දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 …

ලොව පළමු ට්‍රිලියනපතියා වීමේ වාසනාව එලෝන් මස්ක්ට Read More »

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෙන්ම ආරක්ෂක අංශවලට හොර රහසේ දිවා සහ රාත්‍රී කාලයේ දැව ජාවාරම …

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක් Read More »

බිනර පුර පසළොස්වක පොහොය අදයි

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. මෙහෙණි සසුනේ ආරම්භය සිදු වූයේ අදවන් බිනර පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස බිනර පුර පසළොස්වක පොහොය දිනය හැඳින්වෙයි. ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ …

බිනර පුර පසළොස්වක පොහොය අදයි Read More »

පළමු වෘත්තීය නොවන අභ්‍යවකාශ ගමන සාර්ථකයි

අමෙරිකානු ප්‍රකෝටිපති ව්‍යාපාරික Jared Isaacman, Polaris Dawn මෙහෙයුම අතරතුර අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා බවට පත්ව තිබේ. “ආපසු ගෙදරට ගිය විට අපි හැමෝටම කරන්න වැඩ ගොඩක් තියෙනවා, නමුත් මෙතැන් සිට පෘථිවිය පරිපූර්ණ ලෝකයක් වගේ ලස්සනට පේනවා” යනුවෙන් ඔහු ප්‍රථම වරට අභ්‍යවකාශයට පා තබමින් තම අත්දැකීම විස්තර කර ඇටි බව සඳහන්. SpaceX ඉංජිනේරුවන් වන …

පළමු වෘත්තීය නොවන අභ්‍යවකාශ ගමන සාර්ථකයි Read More »

ඡන්ද පොළ වෙත යනවිට රැගෙන යා යූතු දේවල් මෙන්න

ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත 02. වලංගු විදේශ ගමන් බලපත්‍රය 03. වලංගු රියදුරු බලපත්‍රය 04. රාජ්‍ය …

ඡන්ද පොළ වෙත යනවිට රැගෙන යා යූතු දේවල් මෙන්න Read More »

මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්ය. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ …

මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් Read More »

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024: සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටයි. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම …

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024: සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා Read More »

scholarship examination scholarships exam

ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සුදානම්

ලබන 15 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හෝ දේශන නැතහොත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 වන විට නතර කළ යුතු බව ශ්‍රී ලංකා …

ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සුදානම් Read More »

driving license sri lanka

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පෙට්හි පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු මූලස්ථානය සාමාන්‍ය රාජකාරි සඳහා ලබන 20 වැනිදා වසා දැමීමට තීරණය කර ඇත. එනම් ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානය ලෙස මෙම කාර්යාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි. මැතිවරණ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා එදින සාමාන්‍ය රාජකාරී සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ?

පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම …

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ? Read More »

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක්

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ. කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත. චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණි. විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා …

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් Read More »

weather-alert

ඉදිරි දින කිහිපයේ වර්ෂාවේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඉන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර …

ඉදිරි දින කිහිපයේ වර්ෂාවේ වැඩිවීමක් Read More »

දියවැඩියා රෝගයට එරෙහිව සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ සාමූහික ප්‍රයත්නයක් වෙනුවෙන් සුව දිවිය පදනමෙන් සැමට ආරාධනා

සුව දිවිය දියවැඩියා රෝගය මර්ධනය කිරීමේ අරමුණින් පිහිටවනු ලැබූ ලාභ නොලබන සංවිධානයකි. වෛද්‍යවරුන්, විශේෂඥයින්, පෝෂණවේදීන්, ශාරීරික පුහුණුකරුවන් හා මනෝ විද්‍යාඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි සාමාජිකයින් එහි කටයුතු කරනු ලබයි. දියවැඩියා රෝගය පාලනය කිරීම තනිව සිදු කළ නොහැකිය. එය සාමූහකි ප්‍රයත්නයකි. ඒ වෙනුවෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව සුව දිවිය පදනම අවධාරණය …

දියවැඩියා රෝගයට එරෙහිව සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ සාමූහික ප්‍රයත්නයක් වෙනුවෙන් සුව දිවිය පදනමෙන් සැමට ආරාධනා Read More »

ඕවල්හි ශ්‍රී ලංකා ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය සත්කාරකයන් හට හිමි වී තරගාවලි ජය ඔවුන් සතු වුවත්, ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් …

ඕවල්හි ශ්‍රී ලංකා ඉතිහාසය Read More »

වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණි. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වෙයි. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo …

වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ Read More »

ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’

ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන 150 වන ‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන්. මේ සඳහා පාසල් දරු දැරියන්ට අවස්ථාව සලසා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බව සඳහන්. ඒ අනුව මේ සඳහා ‘මුද්දර ප්‍රදර්ශක’ ඉදිරිපත් කිරීමට 5 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම …

ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’ Read More »

අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටෙන නව ග්‍රාහකයක් හඳුනාගනී!!!

දළ වශයෙන් මීටරයක ප්‍රමාණයේ ග්‍රහකයක් අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටීමට පැමිණෙන බව මීට පැය කිහිපයකට පෙර Arizona හි Mount Lemmon නිරීක්ෂණාගාරයට වාර්තා වී තිබෙනවා. එය නම් කර තිබෙන්නෙ CAQTDL2 ලෙසින්. දැනට සිදුකල ඇති ගණනය කිරීම් වලට අනුව එය අද දින (4) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.09ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. එය වායුගෝලයට ඇතුළු …

අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටෙන නව ග්‍රාහකයක් හඳුනාගනී!!!

Read More »

තැපැල් ඡන්ද විමසුම අද ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොම්ෂන් සභා කාර්යාල, ජේෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද …

තැපැල් ඡන්ද විමසුම අද ඇරඹේ Read More »

2025 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් මෙන්න

2025 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුවයි. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Scroll to Top