Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය එහිදී අග්‍රාමාත්‍යවරිය වෙත …

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම Read More »

pilika

නව පිළිකා රෝගීන් 33,000ක්

වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – …

නව පිළිකා රෝගීන් 33,000ක් Read More »

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සහන

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමටත් ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භට පිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී …

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සහන Read More »

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති නිලධාරින්ට උපදෙස් දී තිබේ. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ …

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක් Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

ගංවතුර ගැන අනතුරු ඇඟවීම්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි. දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු ඇඟවීමක්: අදියර එක සහ දෙක දැනුම්දීමක් පවතින අයහපත් …

ගංවතුර ගැන අනතුරු ඇඟවීම් Read More »

ඉන්දීය චිත්‍රපටය නිසා කෝටි 2ක්

ඇල්ල ආරුක්කු 09 පාලම සහ ඒ ආශ්‍රිතව ඉන්දීය චිත්‍රපටය රූගත කිරීමක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම පෙර සූදානමකින් තොරව කඩිමුඩියේ ගත් තීරණයක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය. චිත්‍රපට නිෂ්පාදනයක් සිදුකරන විට එය කල්තියා සැලසුම් කර සිදුකරන්නක් බැවින් ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව කල්තියා මගීන් දැනුවත් කිරීමට ඕනෑතරම් කාලයක් තිබුණ ද කලබලයෙන් …

ඉන්දීය චිත්‍රපටය නිසා කෝටි 2ක් Read More »

මහ වැසි: සැඬ සුළං සමඟ විදුලිය සහ ජල සැපයුමත් විසන්ධි කර ‘මිලටන්’ ෆ්ලොරීඩාවට

‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා. ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි. එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙයි …

මහ වැසි: සැඬ සුළං සමඟ විදුලිය සහ ජල සැපයුමත් විසන්ධි කර ‘මිලටන්’ ෆ්ලොරීඩාවට Read More »

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි. …

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම් Read More »

රතන් ටාටා අවසන් ගමන් යයි

ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන ටාටා හි (Tata) හිටපු සභාපති රතන් ටාටා (Ratan Tata) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 86 වන වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු මුම්බායි රෝහලකදී මිය ගොස් ඇති බවයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය

නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ

මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි. සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවද ඔහු කියා සිටී. මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු …

මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ Read More »

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

2024 ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 (බ්‍රහස්පතින්දා) …

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි Read More »

news.aboutceylon

දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරනවා. ඒ අනුව අදාළ අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හා සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවද එම නිවේදනයේ සඳහන්. සම්පූර්ණ කරන ලද …

දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ Read More »

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි , …

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත් Read More »

චිත්‍රපටයක් නිසා වැසුණු ආරුක්කු නවයේ පාලම

අද සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබෙනවා. ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරිම ඊට හේතුවයි. ඒ අනුව මෙම දිනයන්හිදි පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් …

චිත්‍රපටයක් නිසා වැසුණු ආරුක්කු නවයේ පාලම Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

අදත් මි.මී සියය ඉක්ම වු තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් …

අදත් මි.මී සියය ඉක්ම වු තද වැසි Read More »

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි. ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් …

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට Read More »

ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට තේරීපත් වු ශ්‍රී ලාංකික සිසුන්

ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන තිබේ. මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී පසුගිය 26 වැනිදා සිට …

ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට තේරීපත් වු ශ්‍රී ලාංකික සිසුන් Read More »

ඉරානය විශාල වරදක් සිදුකරගනියි

බෙන්ජමින් නෙතන්යාහු

ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්‍රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ඉරාන …

ඉරානය විශාල වරදක් සිදුකරගනියි

බෙන්ජමින් නෙතන්යාහු

Read More »

බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ

ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි. බස් ගාස්තු 4.2කයි 4කින් අඩු කෙරුණු අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කෙරුණා.

Scroll to Top