Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

travelling agencies in sri lanka travelling bag price in sri lanka travelling agency travelling bag

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක්

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කරන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකවන බවද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන ‍යන බවද එම නිවේදනයෙන් සහතික වී …

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක් Read More »

යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසනවා. යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති …

යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක් Read More »

බුලත් විටක් රුපියල් 130යි

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා. ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දෝ බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙනවා. ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරනවා.ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ …

බුලත් විටක් රුපියල් 130යි Read More »

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කරන අතර ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා පැවසුවේ. …

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් Read More »

එලොන් මස්ක් දෙවන ඩොලර් මිලියනයත් ලබා දෙයි

තාක්ෂණික ප්‍රකෝටිපතියෙකු වන එලෝන් මස්ක්, තවත් අයෙක්ට ඩොලර් මිලියන 1ක් ප්‍රදානය කර තිබේ. ඒ අමෙරිකානු ජනපතිවරණයට අදාලව , ඔහු හඳුන්වාදුන් දිනකට ඩොලර් මිලියන 1ක දීමනාව (පවුම් 766,000) හි දෙවන ජයග්‍රාහකයා ලෙසයි. පෙන්සිල්වේනියාවේ නගර ශාලාවක පැවති උත්සවයකදී මෙලෙස දෙවන ඩොලර් මිලියනයේ ජයග්‍රාහිකාව වී ඇත්තේ, ක්‍රිස්ටීන් ෆිෂෙල් නම් කාන්තාවක්. එලෝන් මස්ක් ගේ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා …

එලොන් මස්ක් දෙවන ඩොලර් මිලියනයත් ලබා දෙයි Read More »

පුටින් BRICS සමුළුව ආරම්භ කරයි

බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අද BRICS සමුළුව ආරම්භ කරයි. රුසියාවේ Kazan හීදී මෙවර සමුළුව ඔක්තෝම්බර් 24 දක්වා පැවැත්වෙනු ඇති. ඊට BRICS හි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක්වණු ඇති. BRICS යනු …

පුටින් BRICS සමුළුව ආරම්භ කරයි Read More »

ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ

ළමුන්ගේ ජිවිත වැඩිහිටියන් සිතන තරම් සුන්දර නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා. අධ්‍යාපනය කඩාකප්පල් වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ විවිධ අපචාරයන්ට යොමු වීම ආදිය නිවැරදි කිරිමට දරන ප්‍රයත්නයට වඩා ප්‍රබලව ඒවා නැගි සිටින බවයි ඒ මහතා අවධාරණය කළේ. අනුරාධපුරයේ පැවති ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පොලිස් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනකදී අදහස් …

ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ Read More »

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ගේ වාර්තා මහජන ප්‍රදර්ශනයට

2024 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව තරග කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තාවල පිටපතක් ලබන 24 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා තබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අදාළ වාර්තා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පරීක්ෂා කළ හැකියි. කොමිසම නියම කරන මුදලක් ගෙවා එහි පිටපත් මිලදී ගත …

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ගේ වාර්තා මහජන ප්‍රදර්ශනයට Read More »

යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත. පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ …

යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි Read More »

වඩිවේල් සුරේෂ්ගෙන් අනාවරණයක්

ප්‍රධාන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසයි. එහි බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක වඩිවේල් සුරේෂ් මහතා මේ බව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. “අපි බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණයන් හමුවුණා. ඒ සාකච්ඡාවේදී වැදගත් දෙයක් අපි කතා වුණා. අපි තීන්දුවක් ගත්තා බදුල්ල දිස්ත්‍රික්කයේ …

වඩිවේල් සුරේෂ්ගෙන් අනාවරණයක් Read More »

weather

උතුරට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ඉදිරි පැය 36 සඳහා වන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කෙරෙයි. යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.බස්නාහිර, …

උතුරට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි Read More »

නොවැම්බර් 30 වැනිදාට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාභය රුපියල් ලක්ෂ 12ට අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නොමැති …

නොවැම්බර් 30 වැනිදාට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි Read More »

නුව­ර­එ­ළිය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක ගැනීම වෙනු­වෙන් සහ­යෝ­ගය දුන් සැමට තුති

ආන්දෝ­ල­න­යට තුඩු දුන් නුව­ර­එ­ළිය ඓති­හා­සික තැපැල් කන්තෝ­රුව පිට­රට සමා­ග­ම­කට විකුණා දැමීමේ තීර­ණ­යට විරුද්ධ වී නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක ගැනීම වෙනු­වෙන් සහ­යෝ­ගය දුන් රාජ්‍ය නිල­ධා­රීන්, තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රීන්, සේවක මණ්ඩ­ලය ඇතුළු පොදු ජන­තාව මෙන්ම මාධ්‍ය­යට ස්තුතිය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමු­වක් පෙරේදා (15) නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ල­යේදී පැවැ­ත්විණ. මෙම මාධ්‍ය හමුව නුව­ර­එ­ළිය ජාතික ජන බල­වේ­ගයේ …

නුව­ර­එ­ළිය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක ගැනීම වෙනු­වෙන් සහ­යෝ­ගය දුන් සැමට තුති Read More »

සුනාමි නිවාස 500ක් වසර 14කට පසු ජනතා අයිතියට

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. පසුගිය 2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය මෙතෙක් ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැති අතර පසුගියදා ශ්‍රී …

සුනාමි නිවාස 500ක් වසර 14කට පසු ජනතා අයිතියට Read More »

ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරයි

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන් හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුම සඳහා එක්වෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සදහන් කර තිබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ බුදුන් වහන්සේගේ වදන් ලොවට දායාද කළ පාලි භාෂාවට මේ මාසයේ දී …

ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරයි Read More »

rotavirus

හඳුනා නොගත් වෛරසයක් ඌරන් දහසකට මරු කැඳවයි

අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ  ගොවිපලවල් තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන්, සතුන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීන් පවසයි. මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ. හඳුනානොගත් මෙම වෛරසය, ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව …

හඳුනා නොගත් වෛරසයක් ඌරන් දහසකට මරු කැඳවයි Read More »

සයිබර් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිකම රශ්මිකාට

ඉන්දීය සුපිරි තාරකාවක් වන රශ්මිකා මන්දනාට අලුත් තනතුරක් හිමිවෙලා. ඒ, සයිබර් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිනිය හැටියට. රශ්මිකාට මේ සන්නාම තානාපතිකම ලබාදීලා තිබුණෙ, සයිබර් අපරාධ මැඩලීම සඳහා ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලපිරීමක් වන ඉන්දීය සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්. ඔබට මතක ඇති ගෙවුණු කාලයේ අවස්ථා කිහිපයකදීම රශ්මිකා මන්දනා වැඩි කතාබහට ලක්වෙන්න ගත්තා. ඊට ප්‍රධාන …

සයිබර් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිකම රශ්මිකාට Read More »

යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා. මීළඟ අදියරට පා තබන විට ජාතියක් ලෙස අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ඉදිරි දිවියට අත්දැකීමක් කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ආරක්ෂක ලේකම්වරයා …

යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා Read More »

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය. …

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජය Read More »

බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්

“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා …

බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක් Read More »

Scroll to Top