Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවතට

ෆේස්බුක් සමාගම විසින් ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම සදහන් කරයි. මෙම වසරේදී පමණක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සකස් කිරීමට උත්සාහ දරා ඇති බවත්  එම ගිණුම් වැළැක්වීමට ද ක්‍රියා කර ඇති බවත් ඉදිරියේදී තවදුරටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්  ෆේස්බුක් …

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවතට Read More »

මී පැණි වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා පරීක්ෂණ මෙවලමක්

කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මීපැණිවල ගුණාත්මක බව පහසුවෙන්  තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලය නිර්මාණය කර තිබේ.  මෙම මෙවලම හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දා එම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මී පැණිවල ගුණාත්මක බව, ගබඩා කිරීම, උණුකිරීම,  සීනි, බඹර පැණි  වැනි ද්‍රව්‍ය මුසු කිරීම සහ අඩංගු තෙතමනය ප්‍රමාණය යන සාධක …

මී පැණි වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා පරීක්ෂණ මෙවලමක් Read More »

කිරිබත්ගොඩ නගරයේදී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව

1987-89 අරගලයේ දිවි පිදු විරුවන් සමරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව නොවැම්බර් 13වන දින කිරිබත්ගොඩ නගරයේදී පැවැත්විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා – මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරු පවත්වද්දී අපි භාවිතා කළේ ‘සදා සමරමු සොහොයුරෝ‘තේමාව.නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමරු පවත්වද්දී එය ඔබ නැත‘ ලෙස …

කිරිබත්ගොඩ නගරයේදී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව Read More »

කැලණියෙන් මතුවන නා ලෝව සත්‍යය කතාව

නාග ලෝකය  පිළිබඳ අපූරු කතන්දර රාශියක් කැලණි විහාරස්ථානය සහ එගොඩ කැලණි විහාරස්ථානය ආශ‍්‍රිතව තිබේ. ගෞතම බුදුන් වහන්සේගේ ශ‍්‍රී පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වුණු කැලණි පින් බිම අදටත් මිනිස් වෙස් ගත් නාගයන්ගෙන් බහුලව පවතින බවත් එවැනි නාග මානවික මානවිකාවන් මිනිස් වෙසින් පැමිණ කැලණි විහාරය සහ එගොඩ කැලණි රජමහා විහාරය වන්දනාමාන කරන බවත් නූතන ජනප‍්‍රවාදයෙහි එයි. කැලණි රජමහා …

කැලණියෙන් මතුවන නා ලෝව සත්‍යය කතාව Read More »

සෞභාග්‍යයේ සංකේතය ගෙන ආ නාග කන්‍යාවිය

බුලත් සෞභාග්‍යයේ සංකේතයයි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ බුලත් කොළයට හිමිව ඇත්තේ අති විශාල ප්‍රමුඛස්ථානයකි. පැරණි ජන කතාවල සඳහන් පරිදි බුලතේ උපත මෙසේ සඳහන්ව ඇත. බුලතේ උපත පිළිබඳ සොයා බැලීමේ දී ජනප්‍රවාදයේ පැවසෙන්නේ බුලත නාග ලෝකයෙන් මිනිස් ලෝකයට ගෙනා බවය. ගම්බද බලිතොවිල්වලදී කියැවෙන දලුමුර උපතේ මෙසේ කියැවෙයි. නාග වලිගෙ නම මුලටම ගන්නේ නාග පෙනෙහි කොළ පෙති …

සෞභාග්‍යයේ සංකේතය ගෙන ආ නාග කන්‍යාවිය Read More »

ලෝකයම හදිසි තත්ත්වයකට – අනතුරු ඇඟවීමක්

සමස්ත ලෝකයම දේශගුණික වශයෙන් හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බව විදෙස් පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවත් ලෝක ජනතාවටම මෙම තත්වයට මුහුණදීමට සිදුවන බවත් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කර ගෙන තිබේ. පර්යේෂකයින් විසින් වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් …

ලෝකයම හදිසි තත්ත්වයකට – අනතුරු ඇඟවීමක් Read More »

මහේලගේ සහ සංගාගේ Ministry of Crab බැංකොක් නුවරට

දර්ශන මුණිදාස, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සුසංයෝගයෙන් ඇරඹි Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී එළඹෙන දෙසැම්බරයේ දී විවෘත වීමට නියමිතයි. කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනට පසු Ministry of Crab හි මීළඟ ජාත්‍යන්තර නැවතුම වන්නේ බැංකොක් නුවරයි. මේ සම්බන්ධයෙන් බැංකොක් අවන්හලේ සංවිධායකයින් පවසන්නේ කොළඹ දී මෙන්ම කිලෝ ග්‍රෑම් …

මහේලගේ සහ සංගාගේ Ministry of Crab බැංකොක් නුවරට Read More »

ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සහ ජාතික සංවර්ධනය

1948 පෙබරවාරි 4 දින නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යුහයේ ඇති වු වෙනස්කම් වලට මුහුණ දෙමින් ඒවායේ සුභ සහ අසුභ ප්‍රතිඵල භුක්ති විදිමින් තමාටත්, පොදුවේ රටටත් සමෘද්ධිය, සෞභාග්‍ය සාමය, සංහිදියාව අපේක්ෂා කරමින් එම පාලන යුගයන්හි බලපැවැත්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව ඒ සඳහා වන අගමැතිවරයෙක්/ ජනාධිපතිවරයෙක්/ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ සිහින කරපින්නා ගනිමින් ස්වකීය …

ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සහ ජාතික සංවර්ධනය Read More »

ස්වාභාවික දර්ශකයක් වඳවීමේ තර්ජනයට

විටෙක ඔවුන් ගොවියාගේ හොඳ මිතුරකු සේ සැලකේ. ඊට හේතුව බෝග වගා වනසන පළිබෝධකයන් වූ බොහෝ කෘමි සතුන් ආහාරයට ගන්නා බැවිනි. විද්‍යාඥයන් ඔවුන් හඳුන්වන්නේ පරිසරයේ වෙනස්කම් හුවා දක්වන “ස්වාභාවික දර්ශකයක්” ලෙසිනි. ඒ රාත්‍රි කාලයේ දී ඔවුන් නිත්‍ය වශයෙන්ම ‘හෙට දවසේ වහිනවාද’ යන පණිවුඩය ලබා දෙමින් හඬ නඟන බැවිනි. ඒ කෙසේ වෙතත් දැන් දැන් මේ ගෙම්බන් මෙන්ම …

ස්වාභාවික දර්ශකයක් වඳවීමේ තර්ජනයට Read More »

විස්සයි20ට අපායට කැලැන්ඩරයක්

හදිසියේම නරකාදියේ සිට රජතුමා, ශ්‍රී ලංකාවට මා සොයමින් “මචං, නිව්ටෝ, මම මේ තකහනියේ ආවේ උඹව මීට් වෙන්න” යැයි කීය. “ඈ.. අප්පට උඩු යමරජ බොස්, මොකද මේ හදිසියේම එන්ටර් වුණේ” යැයි මම ඔහුගෙන් ඇසුවෙමි. ‘මට පට්ගාලා දැන්…. හොයලා දිපං මචං” යැයි කණට කර යමක් රහසින් පැවසීය. “පිස්සු හැදෙනා සඳ යමරජ ලොක්කා ඔය වැඩේට ඇස් කඩල යන …

විස්සයි20ට අපායට කැලැන්ඩරයක් Read More »

“මිනිසුන්” හම්බ කළ ද.මු. දසනායකට ක්‍ලේමෝ ප්‍රහාරයක්

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ජනතා සේවය සැලැසීම සඳහා ම ඇප කැප වූ මෙරටට සිටින අතළොස්සක් තරම් වූ දේශපාලනඥයන් අතර මුල් තැන ගන්නා කෙනෙකු ලෙස දිවංගත ඇමැති ද. මු. දසනායක මහතා නම් කළ හැකිය. දේශපාලන පක්‍ෂ, පාට, බේද කිසිවක් නොසලකා ජනතා අවශ්‍යතාවය පමණක් සැලැකිල්ලට ගනිමින් තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව ඉටුකිරීම ද. මු. දසනායක නම් දේශපාලනඥයාගේ චරිතයේ දක්නට …

“මිනිසුන්” හම්බ කළ ද.මු. දසනායකට ක්‍ලේමෝ ප්‍රහාරයක් Read More »

ලංකාවෙත් TikTok තහනම් වේවිද?

TikTok App  එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත් …

ලංකාවෙත් TikTok තහනම් වේවිද? Read More »

දොරමඩලාව නොදත් තොරතුරු බිදක්

මිහින්තලය පසු කළ ඉක්බිති සුඛ නම්‍ය කාවේ‍යා්ක්ති උච්චාරණයක් සහිත දොරමඩලාව නම් ග්‍රාම නාමය දැක්වෙන නාම පුවරුවක් දැකිය හැකිය. දොරමඩලාව නාම පුවරුව දුටු විට නිතැතින් මහාවංශයේ ඇතුළත් ද්වරමණ්ඩලකං අගා (දොරමඩලාවට ගියාය) යන පාලි පාඨය සිහිපත් වේ. පණ්ඩුකාභය කතාව සහිත මහාවංශයේ ආරම්භක පරිච්ජේද කිහිපයක් පාඨ ග්‍රන්ථයක් ලෙස කුමක් හෝ විභාගයක් සඳහා ගැඹුරෙන් හැදෑරීමට  සිදුවිය. එසේම මහින්දාගමනයට පෙර …

දොරමඩලාව නොදත් තොරතුරු බිදක් Read More »

ලොවම මවිත කරන සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර

ටැන් කිම් චූ… යනු කඩිසර ලෙස රාජකාරියේ යෙදුණු චීන කාන්තාවකි. 68 හැවිරිදි ඇයට විටින් විට දරුණු ලෙස ඇති වූ පිටකොන්දේ වේදනාවක් තිබිණි. ඒ හැරෙන්නට ඇයට තිබුණු තවත් ලොකුම කරදරය වූයේ විනාඩි පහක්වත් පයින් ඇවිද යෑමට තිබූ අපහසුවය. ඇගේ වේදනාව පැන නැගුණේ වම් උකුල් ඇට ප්‍රදේශයෙනි. එතැනින් පටන් ගන්නා ඒ දරුණු වේදනාව වම් පාදය දිගේ යටි …

ලොවම මවිත කරන සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර Read More »

සරල පිළිවෙත් හතරකින් ආයු වැඩිවේ දාහතරකින්

ලොව වයස්ගතම කාන්තාව හැටියට ගිනස් ‍පොතට එක්ව සිටි ජපන් ජාතික යෝනේ මිනගාවා මියගියේ අවුරුදු 114 ක් ආයු වළඳමින් ය. 1893 වසරේ උපන් මිනගාවා සිය දීර්ඝායුෂ ලැබිමේ රහස හැටියට කියා තිබුණේ හොඳින් ආහාර ගැනීමත්, හොඳින් විවේක ගැනීමත් බව ය. ඇගේ දහවල් ආහාර වේලට හැමදාමත්, පාන්, මාළු, එළවළු සලාද සහ අතුරු පසක් එක්ව තිබූ බවත් ඇය හොඳ …

සරල පිළිවෙත් හතරකින් ආයු වැඩිවේ දාහතරකින් Read More »

පාසල් යන්න අකැමැති නිසා කරපු වැඩෙන් පොලිසියත් ගෙන්නයි

දියාගෝ වන කුඩා දරුවා සිය අත ඇඳ විට්ටමට තබා මැලියම්වලින් තදින් අලවා ගත්තේ  නිවාඩුවෙන් පසු නැවත පාසල් යාමට දැක්වූ බලවත් අකැමැත්ත නිසාය. “මාව ඇඳට තියලා අලවා ගත්තොත් ඉස්කෝ‍ලේ යන්න බැරි වෙන නිසා තමයි මම එහෙම කළේ.  නිවාඩුවේ දී මම හුඟක් සතුටු වුණා. මට ඕන ඒ නිවාඩුව තවත් ගොඩාක් දික් කර ගන්න.” කුඩා දියාගෝ ඒ.එෆ්.පී. පුවත් …

පාසල් යන්න අකැමැති නිසා කරපු වැඩෙන් පොලිසියත් ගෙන්නයි Read More »

පිහි හොරා දෙපැත්තෙන් දැනේ

වෙළෙඳසලකින් පිහි කිහිපයක් සොරාගෙන, ඒවා සිය යට ඇඳුම් අස්සේ සඟවාගෙන වෙළෙඳසලින් පිටතට පැමිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු ඒ පිහිවලටම කැපී තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් 300ක වටිනාකමින් යුත් මේ පිහි සොරකම නිසා අමතක නොවන පාඩමක් ඉගෙන ගත් මේ පුද්ගලයා දැන් ‍පොලිස් ආරක්ෂාව යටතේ එරට රෝහලක ප්‍රතිකාර …

පිහි හොරා දෙපැත්තෙන් දැනේ Read More »

රාවණා කොමලිය සිනාසෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 21වෙනි කිලෝමීටර් කනුව අසල මේ ඇල්ල පිහිටා තියෙනවා.ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳල මෙතනට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා.ඉතාම පහසුවෙන් ලඟා වෙන්නට පුළුවන් නිසා ඉතා ඉහල සංචාරක ආකර්ෂණයක් රාවනා ඇල්ලට ලැබිල තියෙනවා. කිරිඳි ඔය තමයි රාවනා ඇල්ලේ මුලාශ්‍රය. මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් රාවණා ඇල්ල පිහිට තියෙන්නේ.ඒ වගේම මේ දිය ඇල්ලේ …

රාවණා කොමලිය සිනාසෙයි Read More »

ලෝක සත්ත්ව දිනය

මිනිසාට මෙන්ම තිරිසනාටද මූලික අවශ්‍යතා කීපයක් ඇත. කුසගින්න පිපාසය, නින්ද. පරපුර පවත්වාගෙන යාම, එක්ව හැසිරිමේ කැමැත්ත, ආදරය , කරුණාව, නිදහස, සටන් කිරිම, දුක වේදනාව අදි මේ සියල්ල කාටත් පොදුය. එහෙත් මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරිමට කතා කිරිමට තිරිසනාට හැකියාවක් නැත. කතා කල නොහැකි මිනිසා ගොලු බසින් හො ඉගියෙන් එසෙත් නැතිනම් ලියා හෝ අදහස් ප්‍රකාශ කලත්  තිරිසනාට …

ලෝක සත්ත්ව දිනය Read More »

UN

තවත් 30කින් ලෝක ජනගහනය බිලියන දෙක ඉක්මවයි

ඉදිරි වසර තිහ තුළදී ලෝක ජනගහනය බිලියන දෙකකින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය අද නිකුත් කළ නවතම වාර්තාවකට අනුව වර්තමානයේ බිලියන හතයි දශම හතක් වන ලෝක ජනගහනය වසර 2050 වන විට බිලියන නවයයි දශම හතක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක ජනගහනයේ අනාගතය 2019 යන මැයෙන් එම සංවිධානයේ ආර්ථික සහ …

තවත් 30කින් ලෝක ජනගහනය බිලියන දෙක ඉක්මවයි Read More »

Scroll to Top