Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

සියලුම දුම්රියන්ට GPS උපාංග

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.  ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බව සදහන්වේ. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය මගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්.  

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් ශ්‍රී ලංකාවේ අගමැතිට ලිපියක්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී. වැඩිහිටි පරම්පරාවට බාල පරම්පරාවෙන් ලැබුණු මේ පණිවුඩයෙන් …

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් ශ්‍රී ලංකාවේ අගමැතිට ලිපියක් Read More »

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව  නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.

නත්තල් සීයලාගේ විශාලතම හමුව

ජර්මනියේ  බවේරියා ප්‍රාන්තයේදී නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම  සාකච්ඡා කිරිමට සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබේ. නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40කට …

නත්තල් සීයලාගේ විශාලතම හමුව Read More »

රටේ තරුණ ප්‍රජාවට ජනපති ප්‍රණාමය පුදකරයි

මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා සිතුවම් නිර්මාණය කිරීමේ  වැඩසටහන් දකින්නට ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ …

රටේ තරුණ ප්‍රජාවට ජනපති ප්‍රණාමය පුදකරයි Read More »

සෝමාවති පුදබිමත් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ (01) උදැසන සෝමාවති පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිවරයා විසින් ඓතිහාසික සෝමාවති රජමහා විහාරය හා ඒ ආශ්‍රිත පුරාවිද්‍යා ස්මාරක පිහිටා …

සෝමාවති පුදබිමත් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි Read More »

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල පුවරු සිංහල භාෂාවෙන්

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර  ඇත. ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතරින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමේ සිංහල භාෂා පුවරු සවි කරන ප්‍රථම ස්ථානය සාංචි පුදබිම් බවට පත් ඇත. ඉදිරියේදී ඉන්දියාවේ තිබෙන සියලු බෞද්ධ සිද්ධස්ථානවල එම ස්ථාන හැඳින්වීමේ සහ විස්තර ප්‍රකාශිත පුවරු සිංහල භාෂාවෙන් …

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල පුවරු සිංහල භාෂාවෙන් Read More »

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

මෑත කාලයේදී  මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත. ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැදි පැලැස්සේ සිදුකරන ලද කැනීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා විය. …

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ Read More »

හඳුනානොගත් යානයක් නිසා ධවල මන්දිරය වසා දමයි

ඇමෙරිකාවේ වොෂිංටන් ගුවන් කලාපය තුළට හඳුනානොගත් ගුවන් යානයක් ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම තාවකාලිකව ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරක ජෙට් යානා කිහිපයක්ම ගුවන් ගතකර යැවීමට අමෙරිකානු ගුවන් හමුදාව පියවර ගෙන ඇති බවද  මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර …

හඳුනානොගත් යානයක් නිසා ධවල මන්දිරය වසා දමයි Read More »

ඔක්ස්ෆෝඩ් වසරේ වචනය climate emergency ප්‍රකාශයට පත් කරයි

ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය climate emergency හෙවත් ’’දේශගුණ විපර්යාස පිළිබඳ හදිසි තත්ත්වය’’ මෙවර වසරේ වචනය ලෙස නම් කරයි. දේශගුණ වෙනස්වීම් අවම කිරීම හෝ නතර කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ සහ එම වෙනස්වීම් මගින් ඇතිවිය හැකි යළි හැරවිය නොහැකි පාරිසරික හානිය වැළැක්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු තත්ත්වයක් ලෙසයි එම වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය තුළ අර්ථ දක්වා ඇත්තේ. 2019 …

ඔක්ස්ෆෝඩ් වසරේ වචනය climate emergency ප්‍රකාශයට පත් කරයි Read More »

අන්තර්ජාලය බේරා ගන්නා ලෙස නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු අඟවයි

වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟආ ඇත. ලෝක ව්‍යාප්ත ජාලයේ හෙවත් වර්ල්ඞ් වයිඞ් වෙබ්  නිර්මාතෘ වන ටිම් බර්නර්ස් ලී පවසන ආකාරයට  ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම …

අන්තර්ජාලය බේරා ගන්නා ලෙස නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු අඟවයි Read More »

ජල පීඩන රොකට් තරඟයේ පිටපිටම හතරවන වරටත් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ජපානයේ සගමිහාරා නුවර,කනගාවා හිදී පසුගියදා පැවැති ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් 15 වන වරටත් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා  සමත්වී තිබේ. ආසියා ශාන්තිකර කලාපීයේ රටවල් රැසක තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූ බවත් ඒ අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට …

ජල පීඩන රොකට් තරඟයේ පිටපිටම හතරවන වරටත් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට Read More »

චූඩා මාණික්‍යය රුවන්වැලි සෑයේ තැන්පත් කෙරේ

ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ මත තැන්පත් කිරීම ඊයේ (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කඳ පුරාණ රජමහා විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා ප‍්‍රදර්ශනය …

චූඩා මාණික්‍යය රුවන්වැලි සෑයේ තැන්පත් කෙරේ Read More »

ඇගේ සිහිනය සැබෑ කරන්න ඔබගේ උදව් අවශ්‍යයි

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත.  එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද …

ඇගේ සිහිනය සැබෑ කරන්න ඔබගේ උදව් අවශ්‍යයි Read More »

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ හිමිදිරි පෙදෙස කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් වනසයි

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට ලක් විය. තවත් එවැනිම සිදු වීමක්  සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට වන්නට පිහිටි සූරියකන්ද ප්‍රදේශයේ හිමිදිරි පෙදෙස(Morning Side) සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගයේ කිලෝමීටර 5කට ආසන්න දුරක් මාර්ගය දෙපස කොලොන්න ප්‍රාදේශීය සභව මගින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් …

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ හිමිදිරි පෙදෙස කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් වනසයි Read More »

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කතෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකු වන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායකවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි …

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී Read More »

තවත් ඡන්ද ප්‍රතිඵලයක් – අනුර, මහේෂ් ඇතුලු 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තකයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ. ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත.   ජනාධිපතිවරණයේ තෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් වාර්තා කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මුළු ඡන්ද ප්‍රමාණයෙන් 3.16% ක් පමණක් ලබා …

තවත් ඡන්ද ප්‍රතිඵලයක් – අනුර, මහේෂ් ඇතුලු 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තකයි Read More »

සජිත්ව සිංහල බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයි ?

පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ සජිත්ගේ කකුලෙන් අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර වැනි පුද්ගලයින්ගේ  ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව  එජාප පාක්ෂිකයන් විමතියට පත් වන බව සදහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ …

සජිත්ව සිංහල බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයි ? Read More »

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

ආයුබෝවන්, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි ගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි, ඒ වගේම ගෞරවණීය සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි, ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි, 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී මගේ ජයග්‍රහණය සදහා හැට දෙලක්ෂයකට වැඩි ජනතාවක් මා වෙත ඡන්දය පාවිච්චි කළා. ඒ සියලු දෙනාට අද දවසේත් මගේ ගෞවරණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම 2015 ජනවාරි 08 …

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය Read More »

ලොව බලවතුන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයන් සියදෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් නම් වී ඇත. බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ දී 1990 වසරේ දී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය. කීර්තිමත් ටයිම්ස් සඟරාව ලෝකයේ මීළඟ බලගතු පුද්ගලයන් වේ …

ලොව බලවතුන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් Read More »

Scroll to Top