Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

cyber

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

cyber-attack hiru star

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

cyber-attack

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

”INS Vela” සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ”INS Vela” සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වී තිබේ. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි සබ්මැරීනය නාවික හමුදාව විසින් සාම්ප්‍රධායානුකූලව පිළිගත් බවයි වාර්තා වෙයි. නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන රැසක් නැරඹීමටද නියමිත බවයි.

මැතිවරණ කාල සීමාවේ ආපදාවන්ට මුහුණදීමට විශේෂ වැඩපිළිවෙලක්

මැතිවරණ කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්පිලි සඳහන් කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. මැතිවරණය සඳහා වූ විශේෂ මැදිරිය හෙට (12) සිට ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ …

මැතිවරණ කාල සීමාවේ ආපදාවන්ට මුහුණදීමට විශේෂ වැඩපිළිවෙලක් Read More »

exam result ba 1st year

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග සඳහා අද (05) සිට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (05) සිට නොවැම්බර් 30 දක්වා අයදුම්පත් යොමුකළ හැකියි. සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව …

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට Read More »

මහමැතිවරණයේදී ඡන්දය භාවිත කරන හැටි මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බව සඳහන්. සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර එය …

මහමැතිවරණයේදී ඡන්දය භාවිත කරන හැටි මෙන්න Read More »

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකි වෙයි. සෞඛ්‍ය අංශ පවසන්නේ වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ …

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් Read More »

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කරයි

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. ඔහු Dialog Axiata හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙයි. Asia Mobile Awards හි ඉහළම ගෞරවය වන ‘Asian Mobile Industry සඳහා විශිෂ්ට දායකත්වය’ සම්මානයෙන් ආචාර්ය විජයසූරියට ගෞරව කර ඇති අතර 2008 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන …

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කරයි Read More »

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත වෙයි

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (01) කටයුතු කර තිබේ. පුරා වසර 30 ක් පැවති යුද තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබුණි.යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් එම මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත කෙරුණේ නැහැ.මෙම මාර්ගය විවෘත කිරීම …

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත වෙයි Read More »

happy birthday google i love you

google සමාගමට ඇදහිය නොහැකි ගාණක දඩයක්

ලොව විශාලතම තාක්ෂණික සමාගමක් වන google සමාගමට එරෙහිව රුසියාව විසින් ඉහළ වටිනාකමකින් යුතු දඩයක් නියම කර තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම දඩය අමෙරිකානු ඩොලර් 20,000,000,000,000,000,000,000,000,000,000,000 ක ප්‍රමාණයක් වන බවයි. ගූගල් හි මව් සමාගම වන Alphabet හි වෙළඳපල වටිනාකම වන්නේත් ඩොලර් ට්‍රිලියන 2 ක් පමණය. මෙයාකාර දඩයක් පැමිණවීමට හේතුව යූ ටියුබ් හි රුසියානු රාජ්‍ය මාධ්‍ය …

google සමාගමට ඇදහිය නොහැකි ගාණක දඩයක් Read More »

දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබේ. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙයි. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක් …

දීපාවලී දිනය අදයි Read More »

වල් වැදී විනාශ මුඛයට යන පොළොන්නරුවේ වී ගබඩාවල්

වී ඇටයක්වත් නැති තවමත් මුරකරුවන් පවා මුරට සිටින වල්වැදී ඇති වී අලෙවි මණ්ඩලය සතු පොලොන්නරුවේ වී අලෙවි ගබඩා පිළිබඳ වහාම අවධානය යොමුකරන්නැයි ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙම ගබඩා සංකීර්ණ යළි ප්‍රතිසංස්කරණය කර ඉදිරි කන්නයේදීවත් වී මිලදී ගැනීමේ වැඩසටහනක් පෞද්ගලික අංශයත් සමඟ තරගකාරීව ආරම්භ කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි …

වල් වැදී විනාශ මුඛයට යන පොළොන්නරුවේ වී ගබඩාවල් Read More »

දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළට

රාජ්‍ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන් සඳහා දීපාවලි උත්සවය වෙනුවෙනුයි මෙම දීමනාව වැඩිකර තිබේ.

අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ. ඒ වනජීවී අමාත්‍යාංශය මගින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීයි.පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පැවසුවේ මේ වන විට පවතින අලි අගල් පිළිබඳ තොරතුරු කිසිවක් …

අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි Read More »

gazette

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින්. ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ …

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් Read More »

gossip

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක්

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ යමින් …

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් Read More »

කොළඹ – කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹේ

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් කරමින් සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. මේ අනුව …

කොළඹ – කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹේ Read More »

ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගය අප්‍රිකා සූකර උණ රෝගී තත්ත්වයක් බවට තහවුරු වෙයි

ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගය අප්‍රිකා සූකර උණ රෝගී තත්ත්වයක් බවට තහවුරු වී තිබේ. මෙම තත්ත්වය ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඌරන් හදිස්සියේ මියයාමේ සිදුවීම් කීපයක් පසුගියදා වාර්තා විය. ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්ෂේත්‍රයෙන් ලබාගන්නා සාම්පල පරීක්ෂාවට ලක්කරනලදි. …

ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගය අප්‍රිකා සූකර උණ රෝගී තත්ත්වයක් බවට තහවුරු වෙයි Read More »

weather news c lanka

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි

පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී …

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි Read More »

Scroll to Top