අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව මෙරට චීන තානාපති කී සෙන්හොන්ග් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චීනය ද මූල්‍ය අරමුදලේ සාමාජිකයෙකු බැවින් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික වූ බවයි.
දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් 400,000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී ඇති බව සිහිපත් කර ඇති තානාපතිවරයා පවසා ඇත්තේ, තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාළ ලයිස්තුවක් ලබාදෙන ලෙසයි.