මම ඊයේ රුහුණු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා උත්සවයකට සහභාගි වුණා. ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලවල දරුවෝ එහි ඇවිත් හිටියා. පළමු වතාවට ජනාධිපති විදියට විශ්වවිද්‍යාලයක් ඇතුළට ගිහිල්ලා ඊයේ කතාවකුත් කරන්න ලැබුණා. සාමාන්‍යයෙන් අපිට විශ්වවිද්‍යාලයක් ඇතුළට යන්න දෙන්නේ නැහැනේ අද මේ පත්වීම් ගන්න අය ශිෂ්‍යයෝ විදියට ඉද්දි. දේශපාලනඥයෝ මොකටද ගෙන්වන්නේ කියලා එන්න එපා කියනවනේ. නමුත් ඒ වාසනාව ඊයේ මට ලැබුණා.
අද ඔබ උපාධිධාරීන් විදියට රටේ දරුවන්ගේ අනාගතය භාරගන්න දවසක්. රජයේ පත්වීමක් දෙන්න ජනාධිපති එන්න ඕනෑ නැහැ. එහෙමනම් ඇයි ජනාධිපතිට ආරාධනා කළේ සහ ජනාධිපති එන්නේ. එහෙම එන්නේ තරුණ ඔබට තිබෙන ගෞරවය නිසයි. මේ රටේ සංවර්ධනයට බාධාවන් රාශියක් තිබෙනවා. ඒ බාධාවන් අතරේ මම දකින දේ තමයි රටේ උගතුන් මේ රටේ බොහෝ දේවල් දේශපාලනඥයින්ට බාරදීලා ඉන්නවා. නමුත් උගත් ඔබට මොනතරම් දේ කළ හැකිද.
මොන තරම් වගකීම් දරන්න පුඑවන්ද. ඔබේ දක්ෂතාවය, කුසලතාවය, නිර්මාණශීලීභාවය, අධිෂ්ඨානය ඔබට තියෙනවා. ඔබ තරුණ උගත් පුරවැසියන් බව අමතක කරන්න එපා.
අපේ රටේ සහ ලෝකයේ ඉතා උතුම්ම වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය සලකනවා. මිනිසා සත්වයෙකු නොවී මිනිසෙකු බවට පත් කරන්නේ ඔබයි. ලෝකයේ ගුරුවරයා නොසිටින්නට මිනිසුන් ඔක්කොම සත්තු. තිරිසන් ගති පැවතුම්වලින් මිනිසුන් ඈත් කර, උසස් මනසක් ඇති මිනිසෙක් බිහි කරන්නේ ගුරුවරයා යි.
මම කුඩා කාලයේ අපේ පොළොන්නරුවේ නිවස හරියට තක්සලාවක් වගෙයි. මගේ මව ගුරුවරියක්. පොළොන්නරුව නගරයෙනුත් ඈත කැලෑ ගම්මානයක කුඩා පාසලේ ගුරු සේවයට එන ගුරු මෑණිවරු බොහෝ විට නවාතැන් ගත්තේ අපේ නිවසේ. නේවාසිකව පස් හය දෙනෙක් හිටියා. මගේ මවත් සමග උදේ පාසලට ගොස් හවස එනවා. ඒ කාලේ මගේ ගම හොද ගමක් නෙවෙයි. කසිප්පු පෙරණ නරක වැඩ කරන අය ඒ කාලේ මගේ ගමේ පිරිලා හිටියා. ඔබ පුදුම වෙයි සමහර විට මගේ ගමෙන් වෛද්‍යවරයෙක් බිහිවුණේ නැහැ. මගේ ගමෙන් ඉංජිනේරුවරයෙක් බිහිවුණේ නැහැ. උපාධිධාරීන් නම් ඕනෑ තරම් බිහිවුණා. ඒ ගමේ තිබුණේ අතිශයින් නරක පරිසරයක්. ඒ නරක පරිසරයෙන් මාව බේරාගත්තේ මගේ මවත් සමග ගමේ පාසලේ සේවය කළ ගුරු සේවයේ සිටි ඔබ වැන්නවුන්. ශිෂ්‍යයෙක් විදියට වගේම පුංචි දරුවෙක් විදියටයි මා දිහා බැලූවේ. මට ආදරය කළේ.
මේ උත්සවයට එන්න ඕනෑ නිසා ජාතික ආරක්ෂක මණ්ඩලය පෙ.ව 11 සිට තිබුණ එක බාගෙට නවත්වලා තමයි ආවේ. ඒ අතරේ තිබුණා ලංකාවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ සාකච්ඡුාවක්. ඒක බාගයක් කරලා නැවැත්තුවා. මම වැඩසටහන දිහා බැලූවහම දෙකට පටන් ගන්නේ. ලේකම්තුමාලා, අධ්යක්ෂතුමා තරහා වෙන්න එපා මම මෙහෙම කිව්වට. මම හිතුවා මම එන්න කලින් අලූත් පත්වීම් ලබන අයට හොද දේශනයක් තියෙයි කියලා. තිබුණානම් කොච්චර හොදද. අධ්‍යාපන අධ්යක්ෂවරු මෙතන ඉන්නවා. කලාප අධ්යක්ෂවරු ඉන්නවා. අධ්යක්ෂවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් මම එන්න කලින් ගුරුවරයෙකුගේ වගකීම, කාර්යභාරය කුමක්ද කියලා පුංචි දේශනයක් කළා නම් අද පළවෙනි දවසේ මේ අය කොච්චර දේවල් ඔඑවට අරගෙන ද යන්නේ. නමුත් මම හිතන්නේ ඒ වැඬේ කාටත් අමතක වෙන්න ඇති.
ඔබ දරුවෝ බාරගන්න. ඔබේ පාසල් වයස ඔබට මතක ඇති. ඔබේ පාසල් වයසේ ඔබේ ගුරු මෑණිවරු සහ පියවරු පාසලේ වැඩ කරන කොට සමහර අයට වැඩිපුර සැලකුවා. සමහර අයව වැඩිපුර බැලූවා. සමහර දරුවෝ නොසලකා හැරියා. සමහර ගුරුවරු සියලූ දෙනාට එකවගේ බැලූවා. සමහර ගුරුවරු දරුවන්ගේ වත් පොහොසත්කම් අනුව දරුවන්ට සැලකුවා. පන්තියක දරුවෝ 40ක් ඉන්නවා නම් මේ දරුවෝ 40 ගැනම ඔබ අවබෝධයක් ලැබිය යුතුය. දරුවන් සියලූ දෙනා සමගම ඔබ කතා කරන්න.
විෂය නිර්දේශය උගන්වනවා වගේම ගුරුවරයාට ඇති අභියෝගය තමයි දරුවන්ගේ සිත් දිනාගන්න එක. ඒක හරියට දේශපාලනඥයෙක් ජනතාවගේ සිත් දිනාගන්නවා වගේ අමාරු වැඩක්. පුංචි දරුවෝ ඔබට ආදරය කරන්න ඕනෑ. මෙතන විවාහක අය, අවිවාහක අය ඇති. නමුත් අද ගුරු පත්වීම සමග ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා. ඔබ මවක් සහ පියෙක්. ඔබට දරුවෝ භාර වෙනවා. ඒ දරුවන් ඔබෙන් ඉපදුන දරුවන්ට වගේ ආදරය කරන්න. දුක සැප අහන්න. ගෙදර තොරතුරු දැනගන්න.
ඔබේ පාසල් කාලයේ ගෙවල්වල ප්‍රශ්න තියෙන දරුවෝ ඔබත් සමග කොච්චර ඉන්න ඇද්ද. තාත්තා කසිප්පු බොනවා. කෑ ගහනවා. අම්මට ගහනවා. වළං පොළොවේ ගහනවා. ආර්ථික අමාරුකම්, සමාජ ප්‍රශ්න, අගහිගකම් සමග සටන් කරන්න ඇති. ජීවත්වන කාලය තුළ මිනිසෙකුට සතුට සුන්දරත්වය විදින්න මොනතරම් අභියෝග තිබෙනවාද. මම අද ජනාධිපති වුණාට මම බඩගින්න හදුනනවා. බඩගින්නේ ඉදලා තියෙනවා. ඒක නිසා මම බඩගින්න දන්නවා. මමයි තාත්තයි කුඹුරට ගිහිල්ලා වතුර නැතිව කුඹුර වේලිලා තියෙනකොට, ගොයම් ඔක්කොම මැරෙනවා නේද කියලා මගෙ තාත්තගේ ඇස්වලින් කදුඑ පෙරාගෙන වෙල් යාය දිහා බලලා තාත්තා ආපහු හැරිලා එනකොට මම තාත්තගේ පිටිපස්සෙන් එනවා. මම දන්නවා තාත්තගේ හිතේ තියෙන්නේ මොනවද කියලා. කුඹුර මැරෙනවා, වී අස්වැන්න නැතිව යනවා. දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එහෙම තමයි තාත්තලා.
අපි හැම කෙනෙකුම ජීවිතයේ ලබන අත්දැකීම් එක්ක මේ තත්ත්වයන් තේරුම් ගන්නට ඕනෑ. ඔබට ගරු කරන්නයි මම ආවේ කියලා කිව්වේ ඇයි. උපාධිධාරියෙක් කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ජාතික සම්පතක්, විශිෂ්ට නිර්මාණයක්. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ විශිෂ්ට චරිතයක්. රජය එක දරුවෙක් වෙනුවෙන් පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වසර 13ක් කොච්චර වියදම් කරනවාද. විශ්වවිද්‍යාලයට ගිහින් ඉන්න වසර කිහිපය තුළ ද උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධියක් කරන කාලෙ ද රජය කොච්චර සල්ලි වැය කරනවාද. ඔබ දන්නවා වෛද්‍ය ශිෂ්‍යයෙකුට ආණ්ඩුව කොච්චර වියදම් කරනවාද කියලා. කලා විෂයන් කරන සිසුවෙකුට ආණ්ඩුව කොච්චර වියදම් කරනවාද කියලා. මේ සියල්ල ජනතාවගේ සල්ලි.
වසරකට උසස් පෙළ විභාගයට තුන් ලක්ෂ විසි දහසක්, විසි පන් දහසක් විතර පෙනී සිටිනවා. ඒ සිසුන් ගෙන් විශ්වවිද්‍යාලයට යාමට අවම සුදුසුකම් ලබනවා එක් ලක්ෂ පනස් දහසක් පමණ. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා පිරිස අවමයි. දැන් තිස් එක් දහසක් පමණ වසරකට ඇතුළත් කර ගන්නවා. ඉංජිනේරුවරු බිහිකරන්න, වෛද්‍යවරු බිහිකරන්න, තාක්ෂණවේදීන් බිහිකරන්න හැකියාව තිබෙන්නේ ඔබටයි. ජාතියේ අනාගතය වෙනුවෙන්, රටේ පැවැත්ම වෙනුවෙන් යහපත් සමාජයක් වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්‍යයි. පංති කාමරයට ගොස් උගන්වන්න ඔබ කොච්චර සූදානම් වෙන්න ඕනෑද. පාසලක් උදේ 7.30 ට 8.00 ට පටන් අරගෙන එක හමාරට දෙකට ඉවර කරනවා. ඒ වෙලාවට ඔබත් සේවයට ගිහින් ගෙදර එනවා.
ඉතිරි කාලය තුළ ඔබ පසුදා පංතියට යන්න සූදානම් විය යුතුයි. හෙට දරුවන්ට උගන්වන්නේ මොනවාද කියා ඔබ සූදානම් විය යුතුයි. අධි තාක්ෂණයත් එක්ක පාසලේ පුංචි දරුවා ගුරුවරයාට අභියෝගයක් කියන එක අමතක කරන්න එපා. වයස අවුරුදු 5 දරුවා ඉන්නේ අන්තර්ජාලයත් එක්ක. දරුවා ලෝකය දකිනවා. අවුරුදු 6,7, 9, 10 ඉදලා දරුවා ලෝකය දකින්නේ අන්තර්ජාලයෙන්. ඒ තුළින් ඔහු දැනුවත් වෙනවා. මම සීයා කෙනෙක්. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි, පුතයි. ඔවුන් තුන් දෙනාම උපාධිධාරීන්. මට මුණුබුරු මිණිබිරියන් තුන් දෙනෙක් ඉන්නවා. මම මුණුබුරන් මිණිබිරියක් එක්ක සාප්පුවකට ගියාම එයාලා දුවලා ගිහින් ඒ අයට ඕනෑ දේ තෝරා ගන්නවා. සෙල්ලම් බඩුවක් තෝරා ගත්තත් ඒක තාක්ෂණය මුසු වූ එකක්.
අපි ඒවා අහලත් නැහැ දැකලත් නැහැ. හැබැයි වේගයෙන් ගිහින් වටේ රවුමක් කැරකිලා අපි නොහිතපු දෙයක් දරුවා තෝරා ගන්නවා සීයේ මේක මට ඕනෑ කියලා. ඒක තමයි දරුවන්ගේ දියුණුව.
දෙමව්පියන්ගේ අතේ තිබෙන ජංගම දුරකතනය දරුවා අතට අරගෙන ලෝකය දකිනවා. එයාට කවුරුත් උගන්වන්න ඕනෑ නැහැ. එයින් දැනුවත් වෙන දරුවෝ අවුරුදු 08, 10 වෙනකොට ලෝකය ගැන දන්නවා. මම පසුගිය දවසක මගේ පුංචි දරුවොත් එක්ක විදේශ ගත වුණා. ඩුබායි ගුවන් තොටුපළේ දී සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින්ට සිදුකරන සැලකිල්ලක් ලෙස ගුවන් යානය අසලටම කාරෙක එනවා. ඇවිත් ඊළග තැනට එක්කගෙන යනවා. ගුවන් තොටුපළ ඇතුළට යන්නෙත් නැහැ.
මම ගිය මාසේ එහෙම ගිය වෙලාවේ පුංචි දරුවොත් එක්ක අපිට නගින්න කාරෙකක් ආවම මම නැග්ගා. මගේ පුංචි දරුවත් මාත් එක්ක වාඩි වුණා. එයා වාඩි වෙච්ච ගමන් කිව්වා සීයේ මේකට යතුරක් නැහැ මේක ස්ටාර්ට් කරන්නේ බටන් එකක් ප්‍රෙෂ් කරලා කියලා. දරුවාට අවුරුදු 07යි. මම ඇහුවා ඔයා කොහොමද පුතේ දන්නේ කියලා. ඔහු කියනවා මම ඉන්ටර්නෙට් එකෙන් දැකලා තියෙනවා මම මේ කාරෙක ගැන දන්නවා කියලා. දැන් ඔබ උගන්වන්න යන්නේ අන්න ඒ දරුවාට. අමතක කරන්න එපා දරුවෝ ඔබෙන් ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබ දැනගෙන තියෙන්න ඕනෑ.
හැබැයි අපි කුඩා කාලේ එහෙම එකක් නැහැ. ගෙදර තියෙන පොත විතරයි. උගන්වන දේ විතරයි. අන්තර්ජාලය නැහැ. පරිගනකය නැහැ. රූපවාහිනිය නැහැ. අද වගේ තාක්ෂණය භාවිතා කරලා පාඩම් දෙන්නේ නැහැ. අපේ ගෙවල්වල විදුලිය නැහැ. කුප්පි ලාම්පුව තිබුණේ. තාර පාර නැහැ. ගමේ එක ගෙදරකවත් කාරෙකක් නැහැ. නමුත් අද පරිසරය කොච්චර වෙනස් වෙලාද. අදින් පස්සේ ඔබ භාරගන්නේ අධි තාක්ෂණයත් එක්ක ඉන්න දරුවෝ. ඒ නිසා ඔබ වාසනාවන්තයි. රාජ්‍ය සේවයේ තිබෙන උතුම්ම වෘත්තිය ගුරු වෘත්තිය කියලා ඔබ අහලා තියෙනවා. ඒ මිනිසුන් තිරිසන් භාවයෙන් මුදවාගෙන මිනිසුන් සැබෑ මිනිසුන් බවට පත් කරන්නේ ඔබ නිසා.
අද උපාධිධාරී, තරුණ, උගත් පිරිසකට ගුරු පත්වීම් ලබාදීමට හැකිවීම පිළිබදව මා සතුටු වෙනවා. ඒ වගේම මේ කාර්යය කඩිනම් කළ සියලූ නිලධාරීන්ටත් ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.