කොරෝනා අර්බුදය ජයගැනීමට අසමත් වුවහොත් ගෝලීය ආහාර හිඟයක් ඇතිවනු ඇතැයි ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු අගවයි.
‘‘ආහාර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ නිසා අපනයන සීමා වේවි. ගෝලීය වෙළෙඳපොළේ දැඩි හිඟයක් ඇතිවෙන්න පුළුවන්’’ යැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෙළෙඳ සංවිධානය යන ගෝලීය ආයතන තුනේ ප්‍රධානීන්ගේ අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ ලිපියේ දැක්විණි.
ලොක්ඩවුන් නියෝග නිකුත් කරමින් රටවල් රැසක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.තවත් රටවල් රැසක් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
එසේ වුවත් වෙළෙඳා කටයුතුවලට නිදහසේ ගලායෑමට හැකිතාක් ඉඩදෙන්න ඕනෑ.
ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුළුවන් එසේ කළොත් පමණක්’’ යැයි ද එම ලිපියේ සඳහන් විය.