රට තුල භාණ්ඩ බෙදාහැරීමේ දී බඩුමල්ලක් යන දේ පමනක් ක්‍රියාත්මක වීමෙන්, අනවශ්‍ය වියදම් මෙන්ම නිවස්වල භාන්ඩ අතිරික්තයක් ද නිර්මාණය වේ. තවද එවැනි කටයුතු සඳහා රජයේ දේශපාලන පිරිස් පමණක් සම්බන්ධ වීමෙන් ජනතාව තුල අනිසි අප්‍රසාදයක් ඇතිවන ආකාරයෙන් සිද්ධීන් ද වාර්තා වී ඇත.
නිවසට ගොස් භාන්ඩ විකිණීමට, ඖෂධ සැපයීමට රජය ගෙන ඇති තීරණය මෙන්ම එක් දිනක දී ඇඳිරි නීතිය ඉවත් කර, විශාල ජනතා ප්‍රමාණයකට එකවර නිවසෙන් පිට වීමට ඉඩ දීමේ තීරණය, මෙරට ප්‍රදේශයවල ජනගහනය හා පාරිභෝගික ඉල්ලුම සැපයුම් ගැටලු අවතක්සේරුවකට ලක් කරමින් කරන ලද අනුවන වැඩ පිලිවෙලක් වේ. එම තීරණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මහපොලවේ තත්ත්වය තේරුම් නොගත් මෝඩ පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් බවට අපි දැඩි ලෙස විශ්වාස කරමු.
එක නිවසකට විනාඩියක කාලයක් යොමු කරමින්, නිවාස 500 ක් වෙත එක වාහනයකට යෑමට පැය 8 කට වඩා වැඩි කාලයක් ගතවේ.
එම නිසා රජය මේ අවස්ථාවේ ජනතාවට අනිසි ලෙස පීඩා නොකිරීමට කල යුතු දේ ලෙස මා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමි.
ඇඳිරි නීතිය තිබුණ ද, පොලිස්බල ප්‍රදේශයකට පොලිස්/හමුදා අධීක්ෂණය යටතේ,
1. ඖෂධ හල් කීපයක්
2. කෑම කඩ කීපයක්
3. නවීන ලෝකේ ජීවත්වන ජනතාවට ඔබින සුපිරි වෙළෙඳසැල් කීපයක්
4. ඉන්ධන පිරවුම්හල් කීපයක්
5. දුරකථන උපාංග හා සේවා වෙළෙඳසැල් කීපයක්
6. නිමි ඇඳුම් බඩු වෙළෙඳසැල් කීපයක්
7. තැපැල් කාර්යාලයක්
8. ලිපි ද්‍රව්‍ය හා ඡායා පිටපත් වෙළෙඳසැලක්
9. බැංකු කීපයක් (රණ් භාන්ඩ ණය සේවා සහිතව)
10. යතුරුපැදි නඩත්තු කරනා ස්ථාන කීපයක්
11. මෝටර් වහන නඩත්තු කරනා ස්ථාන කීපයක්
12. ටයර් වෙළෙඳසැල් හා නඩත්තු ස්ථාන කීපයක්
13. මෝටර් වාහන හා යතුරුපැදි අමතර කොටස් වෙළෙඳසැල් කීපයක් (අත්‍යාවශ්‍ය අමතර කොටස් සඳහා)
14. ඇඳුම් සෝදන හා පිරිසිදු කරන වෙළෙඳසැල් කීපයක් (අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද සහිතව)
පැය 24 පුරා විවෘතව තැබිය යුතුය,
තවද, ඒවාට එන පුද්ගලයන්ට එක් වරකට දෙදෙනෙකුට පමනක් ඇතුළුවීමට ඉඩ ලබා දිය යුතුය. සියලු දෙනා මුඛ ආවරණ පැලඳ සිටි යුතුය. පෝලිම්වල දී එකින් එකා අතර මීටර් දෙකක දුරක් තබා ගත යුතුය.
සෑම පුද්ගලයෙකුම, වෙළෙඳසැලට හෝ සේවා ස්ථානයකට ඇතුලුවීමේදී හා පිටවීමේ දී දෑත් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය භාවිතා කල යුතුය.
ග්‍රාම නිලධාරීන් මට්ටමින් එක පවුලකට ප්‍රදේශයේ ඉහතකී ස්ථානවලට පමනක් යෑමට හැකී පාස් එකක් (අවසර පත්‍රයක්) නිකුත් කර යුතුය, එහි වලංගුතාව සතියේ නිශ්චිත දින දෙකක දී, පැය තුනකට නොවැඩි නිශ්චිත කාල පරාසයක් පනවා තැබිය යුතුය (උදාහරණ – A කොට්ටාශය – පෙ.ව. 9 සිට ප. ව. 12 දක්වා, B කොට්ටාශය – ප.ව. 12 සිට ප.ව. 3 දක්වා, C කොට්ටාශය – ප.ව. 3 සිට ප.ව. 6 දක්වා, D කොට්ටාශය – ප.ව. 9 සිට පෙ.ව. 12 දක්වා, E කොට්ටාශය – පෙ.ව. 12 සිට පෙ.ව. 3 දක්වා). ඒ හරහා උක්ත ස්ථානවලට දිගු පෝලිම් අවම කර ගත හැක. එමෙන්ම ජනතාව අනිසි ලෙස එක්රැස් වීම ද වලක්වා ගත හැක.
ගෙදර ගොස් භාණ්ඩ නොව, වෛද්‍ය සේවා සපයන කන්ඩායමක් ඇති කර යුතුය. ඒවා හරහා කොරෝනා රෝග ලක්ෂන පෙන්වන පුද්ගලයන් වෙත ගොස් කලබල කිරීමකින් තොරව සූක්ෂම ලෙස ඔවුන් නිරීක්ෂණය කල යුතුය.
දිගුකාලීන යහපත සඳහා මෙරට බැංකු ගිණුමක් හිමි සෑම පුද්ගලයෙකුටම ගාස්තුවකින් තොර ඩෙබිට් කාඩ් පතක් නිකුත් කරනා, පවත්වාගෙන යන මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කල යුතුය. එමෙන්ම කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී කාඩ්පත පාරිභෝගිකයා විසින්ම යන්ත්‍රයට ඇතුලත් කරනා ක්‍රමවේදයක් සකස් කල යුතුය.
නව සේවා හඳුන්වා දීම් පසකලා, EzCash වැනී දැන ප්‍රසිද්ධ සේවාවන් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වෙත සම්බන්ධ කිරීමට හැකි ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුය.
මෙරට වැඩි ඉල්ලුමක් ඇති මස්, මාළු, පිටිකිරි, බිත්තර, කුළුබඩු, පිටිකල පොල් කිරි, සොසේජස්, සෝයා මීට්, බිස්කට් වැනි භාන්ඩ නිපදවන කර්මාන්ත දැඩි සෞඛ්‍යමය නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය.
කොරෝනා තත්ත්වය පාලනය වන තෙක් පුද්ගලයෙකුට තම පදිංචි හෝ රාජකාරි ප්‍රදේශයෙන් පිටට අනිසි ලෙස ගමන් කිරීම වැලැක්වීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක කල යුතුය.
අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම