කොරොනා වයිරසය මර්ධනයට මූල්‍යමය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක් ප්රදානය කිරීමට තීරණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කරයි.
“විධායක කමිටුවට පුද්ගලයන් ලෙස රැස්වීමට අවස්ථාව නැති වුණත් අපි ඊමේල් ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ අනුව මෙම යෝජනාව අපි ඊමේල් ඔස්සේ විධායක කමිටුවට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගත්තා”
“අප රට මුහුණ දුන් සෑම මෙවැනි ජාතික ඛේදජනක අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය දක්වලා තියෙනවා. ක්‍රිකට් විධායක කමිටුව හිතන්නේ එය ජාතික වගකීමක් කියලය. ඒ නිසා අපි මේ තීරණයට එළඹියේ” යැයි ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.