Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට විශාල පාරිභෝගිකයන් පිරිසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් ඉකුත් (20) දින සිට රට පුරා පනවා තිබු ඇදිරි නිතිය (23) දින උදැසන 6 ට ඉවත් කිරිමෙන් පසු වතුකරයේ ප්‍රධාන නගරයක් වන හැටන් නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටම අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට විශාල වශයෙන් පාරිභෝගිකයන් පැමිණ සිටියා.

හැටන් නගරයේ සතොස ශාඛාවෙන් භාණ්ඩ මිල දි ගැනිමට දිගු පොලිම් තිබු අතර එම පොලිම් වල සිටින පාරිභෝගිකයන් එකිනෙකාට දුරස්ථභාවයකින් යුතුව පොලිම් පවත්වාගෙන යාමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.

සතොස ශාඛාව තුල පාරිභෝගිකයන් සිමිත ප්‍රමාණයක් පමණක් එක්වර ඇතුල් කර ගන්නා අතර , මුඛ ආවරණ නොමැති පාරිභෝගකයන්ට සහන මිලට මුඛ ආවරණ ලබා දිමටද එම ශාඛාවේ කලමණාකාරිත්වය කටයුතු කර තිබුණි.

හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් විශාල පිරිසක් මුඛ ආවරණ පැලද නොසිටි අතර මුඛ  ආවරණ නොපැලද සිටි පාරිභෝගිකයන්ට ආරක්ෂ අංශ විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.

ආහාර අලෙවි කරන වෙලදසැල් සියල්ල විවෘත කර තිබු අතර , මත්පැන් අලෙවි සැල් වසා දැමිමට සුරාබදු දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි.

ලංගම සහ පෞද්ගලික බස් රථ සිමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක්කර තිබු අතර , ප්‍රධාන නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්  දැනුවත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කර තිබුණි.

ඉන්ධන පිරවුම්හල් වල සමාන්‍යය පරිදි ඉන්ධන නිකුත් කල අතර වතුකරයේ ප්‍රධාන නගර වල පාරිභෝගිකයන්ට අවශ්‍යය තරම් ආහාර ද්‍රව්‍යය මිලදි ගැනිමට තොග රැස් කර ඇති බවයි හැටන් නගරයේ වෙලදුන් කියා සිටියේ .

Scroll to Top