Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දම්සරණී විශේෂ වට්ටම් කාඞ්පත පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් ”දම්සරණී” නමින් විශේෂ කාඞ්පතක් හඳුන්වාදී ඇත. මෙම කාඞ්පත රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පූජ්‍ය පක්ෂයට සහ දහම් පාසල් ගුරුවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ප‍්‍රතිකාර ලැබීම සහ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් හිමිවෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසුවේ පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ට ගෞරවය පුදකිරීම සඳහා ඔවුන් වෙත මෙවැනි වරප‍්‍රසාදයක් පිරිනැමීමට රෝහල තීරණය කළ බවය. ”සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නන්ගේ සේවය අද අපේ රටට අන් කවරදාටත් වැඩියෙන් අත්‍යවශ්‍ය වී තිබෙනවා.

සමාජ වගකීමකින් යුතු රෝහලක් ලෙස, එවැනි සුවිශේෂී ක්ෂේත‍්‍රයන්හි නියුතුවූවන්ගේ මෙහෙවර ඇගැයීම සහ ඔවුන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ක‍්‍රියාත්මක කරන සත්කාරක වැඩසටහනක තවත් පියවරක් ලෙසයි දම්සරණී කාඞ්පත පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් හඳුන්වාදුන්නේ.

අනවශ්‍ය වියදම් කපාහැර, එයින් ලැබෙන ප‍්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමමින් සමස්ත පෞද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයටම ආදර්ශයක් සපයන අප රෝහල, සමාජයේ යහපත උදෙසා කැපවෙන පුරවැසියන් වෙනුවෙන් ඉදිරියේදීත් හැකි උපරිම අයුරින් උපහාරය පුදකිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රෝහල වෙතින් ඉල්ලීමක් කිරීමෙන් දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක වෙසෙන, ඕනෑම ආගමකට අයත් පැවිදි උතුමන්ට සහ දහම් පාසල් ගුරුවරු, ගුරුවරියන්ට මෙම කාඞ්පත ලබාගත හැකි අතර, සියලූ විමසීම් සඳහා 0112840065 සහ 0115886500 යන දුරකථන අංක විවෘත කර තිබේ.

වසර 25කට වැඩි කාලයක් පුරා මෙරට රෝහල් ක්ෂේත‍්‍රයේ ගෞරවනීය නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල නොමිලේ ප‍්‍රථමාධාර කට්ටල බෙදාදීම, වෛද්‍ය කඳවුරු පැවැත්වීම ආදී සමාජ සත්කාරක වැඩසටහන් නිරන්තරයෙන් සංවිධානය කරනු ලබයි. දුෂ්කර පළාත්ද ඇතුළුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව මෙමගින් ප‍්‍රතිලාභ හිමිකර ගෙන තිබේ.

පන්නිපිටිය පෞද්ගලික රෝහල පිරිවැය ඵලදායී සහ ඉහළම ගුණාත්මක බවකින් යුතු සුව සේවාවක් සපයන රෝහලක් ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නම් දරා සිටියි.

රෝහලේ සියලූම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007 ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප‍්‍රමිති සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර රැසක් පළමු වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප‍්‍රකටව සිටියි.

Scroll to Top