Aboutceylon Online

විදුලිබල බල හා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිළධාරින්ට විදේශගත වීම අත්හිටුවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරස් රෝගී තත්ත්වය  සැලකිල්ලට ගනිමින් රජය  මගින් ලබා දී තිබෙන උපදෙස් මත විදුලිබල බල ශක්ති අමාත්‍යාංශයේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ  සියළුම නිළධාරින්ට අවශ්‍යම කටයුත්තකට හැර වෙනත් අවශ්‍යතා සදහා විදේශගත වීම තාවකාලිකව අත්හිටුවීමටතීරණය කලේය.

කොරෝනා වෛරසය පාලනයේදි විශේෂයෙන් දුම්රිය හා බස්රථවල ගමන් කරන මගින් ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියාත්මක කල යුතු වැඩසටහන් පිළිබද විශේෂ සාකච්ඡාවක්  ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්විය.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ලංකා ගමන ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යන ආයතනවල   නිළධාරින් පිරිසක් සහභාගී වුහ.

එහිදි කොොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා රජය ගෙනියන වැඩපිළිවෙලට සහය දැක්වීමක් වශයෙන්  පියවර රැසක්  පිළිබදව සාකච්චා කලේය.ඒ අනුව පුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත්  හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමටත් අ ර් ධ  සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමටත් තීරණය කලේය.

එ හැර  දුම්රිය ස්ථානවල බස් නැවතුම්පලවල කෙරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබදව  දැනුවත් කිරිමේ නිවේදන ප්‍රචාරය කිරිම සිදු කෙරේ.

එමෙන්ම රජය විසින්  දී ඇති උපදෙස් අනුව හැකිතාක් විදේශ සංචාර අතවශ්‍යම කටයුතු සදහා පමණක් සීමා කිරිම සදහා ගන්නා පියවරක් වශයෙන් විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් විදේශ ගතවීම තාවකාලිකව අත්හිටුන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයි ලේකම්වරයා මෙහිදි ප්‍රකාශ කලේය.

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම මෙන්ම විදේශ විනිමය හැකිතාක් මේ අවස්ථාවේදි මේ රට තුල ඉතිරි කර ගැනීමට අවශ්‍ය බැවින්, ඒ සදහා  ගනු ලබන පියවරක් වශයෙන් එම ක්‍රියා මාර් ග අනුගමය කරන බවද, ඒ අනුව අද සිට දරුවකුගේ හෝ පවුලේ සමාජිකයකුගේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම වැනි අතවශ්‍ය කටයුත්තකදි හැර  වෙනත් කටයුතු  සදහා  විදේශ ගතවීමට අනුමැතිය ලබා නොදෙන බවත් ලේකම්වරයා සදහන් කලේය..

Scroll to Top