හෙම්මාතගම අරකොටවැල්ල නව ගම්මානයේ නිධානයක් හාරා පිළිමයක් ගත් බව කියන සැකකරුවන් දෙදෙනා නඩු භාණ්ඩද සමග මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය හමුවට පසුගියදා ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කල බව පොලිසිය පවයි.
පසුගිය 4 වනදා හෙම්මාතගම අරකොටවැල්ල නව ගම්මානයේ නිවසක් පිටුපස අඩි 8ක් පමණ වලක් හාරා නිධානයක් ගත්තැයි සැකකරන වයස අවුරුදු 36ක් හා 42 වන පුද්ගලයින් දෙදෙනෙකු සමග රන් බවට සැකකරන (තක්සේරුකර නොමැත ) උස අඟල් 6ක් හා බර ග්‍රෑම් 635ක් වන පිළිමයක් හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය ඉදිරියට පමුණුවන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝගකරන ලදි.
තවදුරටත් මේ සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වූ හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් පැවසුවේ නිධානය හාරා ගත් රන් බවට සැකකරන මෙම පිලිමය සම්බන්ධයෙන් පරීක්ෂණ පුවැත්වීමට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුවත්කර ඇති බවත්ය.
පසුගිය 4 වනදා පස්වරුවේ හෙම්මාතගම පොලිසියේ හදිසිවැටලීම් අංශයේ ස්ථානාධිපති උ. පො. ප. රංජිත් බණ්ඩාර පො සැ 38760 නිස්සංක හා විශේෂකාර්්යංශයේ නිලධාරීන්ට නිධානයක් ගන්නා බවට ලද තොරතුරකට අනුව අරකොටවැල්ල නව ගම්මානය ප්‍රදේශයේ සැඟව විමර්ශනය කරන අතරතුර ධාවනය කරමින් තිබූ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරීමේදි මෙම පිලිමය හා සැකකරුවන් දෙදෙනා සොයාගෙන ඇත.
හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති ඩී මෙෂාන් ඉන්දුකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හදිසි වැටලීම අංශයේ ස්ථානාධිපති උ. පො. ප රංජිත් බණ්ඩාර පො සැ 38760 නිස්සංක හා විශේෂ කාර්්‍යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර අධිකරණය වෙත සැකකරුවන් හා නඩු භාණ්ඩ ඉදිරිපත්කරන ලදි.