දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ.
ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ පැළදීම සිදු කරයි.
දිවයිනෙන් හමුවූ පළමු කොරොනා වෛරසය ආසාදිත රෝගියා ගැවසී තිබුණු හබරණ, දඹුල්ල, මාතලේ, නාවුල ,ගලේවෙල, සිගිරිය ආදී බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල්වල පෙරුම්කායන් හිගයක් පවති.
සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල පෙරුම්කායන් මිළදිගැනීමට බෝහෝ දෙනෙකු පැමිණෙන අතර පෙරුකායන් තම වෙළෙදසැලේ නොමැති බැවින් ආපසු හරවා යැවීමට සිදුවන බව වෙළදසැල් හිමියන් පවසයි.
සිංහල බෙහෙත් බඩු වෙළෙදසැල්වල ඉදිරිපිට පෙරුම්කායන් වෙළෙදසැලේ නොමැති බව පැවසීමට පුද්ගලයෙකු සිටිම විශේෂත්වයකි.