කෝවිඞ් 19 ආසාදනය වී මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.
සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පැවසීය.
ඔවුන් නිවසෙහිදී ම රඳවා තබාගනිමින් නිරෝධායන කාලයක් ගතකිරීමට සැලැස්වීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.