Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිංගිමලේ රක්ෂිතයේ යලිත් හටගත් ගින්න පාලනය කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් සිංගිමලේ රක්ෂිතයේ යලිත් හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට හැකි වු බව හැටන් වන අඩවි කාර්යයාලයේ බිට්ටු වන නිලධාරි අජිත් කරුණාරත්න මහතා පැවසිය.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහලින් හැටන් වත්ත ප්‍රදේශයෙන් හටගත් ගින්න ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග ගින්න සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුණ දක්වා පැතිර ගිය බවයි අජිත් කරුණාරත්න මහතා කියා සිටියේ.

පැතිර ගිය ගින්න තම කාර්යයාලයේ නිලධාරින් , හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කල බවත්, ගින්නෙන් රක්ෂිතයේ අක්කර 3 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යයාලය පවසයි.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, මිට ප්‍රථම අවස්තා තුනකදි සිංගිමලේ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම හේතුවෙන් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගැනිමට සිදු වු බව හැටන් වන අඩවි කාර්යයාලය පවසයි.

සිංගිමලේ රක්ෂියට මෙසේ ගිනි තැබිම් නිසා කදු මුදණේ සිට පහලට ගලා බසින ජල මුලාශ සිදියාම නිසා සිංගිමලේ ජලාශයේ ජල ධාරිතාව පහත වැටිම හේතුවෙන් හැටන් ප්‍රදේශයට ජලය සිමා කර බෙදා හැරිමට ජල සම්පාදන මණ්ඩලය මේ වන විට කටයුතු කර ඇත.

Scroll to Top