Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැතිවරණයේදි මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කරන අපෙක්ෂකයාට ඡන්දය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන අපෙක්ෂකයන් දුම්වැටි භාවිතයට සහ මද්‍යසාර භාවිතය නතර කිරිමට පියවර ගත යුතු බව බලකරමින් වතුකරයේ තරුණයන් පිරිසක් එම අපෙක්ෂකයන් දැනුවත් කිරිමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත.

මත්පැන් භාවිතයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය ප්‍රධාන තැනක් ගන්නා බවත්, වතුකරයේ දුම්වැටි භාවිතයද මේ වන විට ඉහල යාම හේතුවෙන් එය අවම කිරිම හෝ නතර කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන අපෙක්ෂකයන් පොරොන්දුවක් වශයෙන් දුම්වැටි භාවිතය සහ මද්‍යසාර භාවිතය නතර කිරිමට පියවර ගන්නා බවට ලිඛිතව පොරොන්දු වුවහොත් වතුකරයේ ජනතාවගේ ජන්දය එම අපෙක්ෂකයාට ලබා දිමට පියවර ගන්නා බවයි දුම්වැටි භාවිතයට සහ මද්‍යාසාර භාවිතයට එරෙහිව හඩක් නගන වතුකරයේ තරුණ තරුණියන් කියා සිටින්නේ.

මද්‍යාසාර සහ මත්ද්‍රව්‍යය තොරතුරු මධ්‍යස්ථානය මගින් වතුකරයේ තොරාගත් තරුණ තරුණියන් පිරිසක් එක් කර ගනිමින් මෙම වැඩසටහන මේ වන විට දියත් කර ඇත.

තවද වතුකරයේ මත්පැන් සහ දුම්වැටි භාවිතයට අමතරව මත්ද්‍රව්‍යය භාවිතයද ඉහල ගොස් ඇති බවත්, වතුකරයේ ජනතාව මත්පැන් භාවිතයෙන් , දුම්වැටි භාවිතයෙන් සහ මත්ද්‍රව්‍යය භාවිතයෙන් මුදා ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වන මහජන නියෝජිතයන් එ සදහා පාර්ලිමේන්තුවේදි හඩක් නැගිය යුතු බවයි මෙම වැඩසටහ වතුකරය පුරා රැගෙන යන තරුණ තරුණියන් කියා සිටින්නේ.

මෙම වැඩසටහන පිලිබදව වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා මත්ද්‍රව්‍යය භාවිතය , මද්‍යාසාර භාවිතය සහ දුම්වැටි භාවිතයට එරෙහිව නැගි සිටින වතුකරයේ තරුණ තරුණියන් අත්පත්‍රිකා බෙදා දිමක්ද හැටන් නගරයේදි සිදු කෙරිණ.

Scroll to Top