මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගනයේ ශ්රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ය.
ඒ දෙරට අතර ඊයේ රාත්රියේ පැවැති දෙවැනි 20 යි 20 තරගය කඩුලු 7 කින් ජය ගනිමිනි.
ශ්රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කදී ලකුනු 46 ක සබඳතාවක් පැවැත්වීය. ශ්රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 31 ක්ද තිසර පෙරේරා පන්දු 13 කදී ලකුනු 21 ක්ද රැස් කලේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර ලකුණු 156ක ජයග්රාහී ඉලක්කය හඹාගියා කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.
ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජයට පත් වූ 7 වැනි 20 යි 20 තරගය මෙය වන අතර අඛණ්ඩව පරාජයට පත් වු 3 වැනි 20 යි 20 තරගාවලිය මෙය වේ.