රටට වැඩ ඇති කීර්තිමත් ක්‍රිකට් විරුවන් බිහිකළ ආනන්ද-නාලන්දා‘සුලෝහිත සංග්‍රාමය’හෙට කොළඹ එස්.එස්.සී. පිටියේදී ඇරැඹේ
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර ආචාර්ය එන්. එම්. පෙරේරා කුසලානය වෙනුවෙන් 91 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට (7) සහ අනිද්දා (8) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. විද්වතුන්, කලාකරුවන්, දාර්ශනිකයින් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ බෞද්ධ පාසල් වන මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 65කට ආසන්න සංඛ්‍යාවක් බිහිව ඇත.
වසර 1982දී පී. සරවනමුත්තු පිටියේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයට පාසල් කාලයේදීම ක්‍රීඩා කළ හා 1996 වසරේ ලාහෝර් ගඩාෆී පිටියේදී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුලු ක්‍රීඩකයින් රැසක් ආනන්ද විදුහලෙන් බිහිවූ අතර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර හා ලෝක කුසලාන අනු ශූරතාව දිනාගත් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුලු ක්‍රිකට් විරුවන් රැසක් නාලන්දාවෙන් දායාද විය.
මෙම විදුහල් දෙකෙන් ජාතික ක්‍රිකට් පිල මෙහෙයවූ ක්‍රිකට් නායකයින් වන්නේ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන හා දිනේෂ් චන්දිමාල් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මෙපමණ නායකයින් ගණනක් දායාද කළ විදුහල් දෙකක් තවත් නොමැත.
අතීතයේ සිට ආනන්ද – නාලන්දා විදුහල් දායාද කළ දීප්තිමත් ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, අසංක ගුරුසිංහ, මහේල ජයවර්ධන, සංජීව රණතුංග, මාවන් අතපත්තු, චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, කුමාර ධර්මසේන, තිළිණ කණ්ඩම්බි, හා අවිෂ්ක ගුණවර්ධන සිහිපත් කළ හැක.
නාලන්දා විදුහල් කණ්ඩායම:
අවිෂ්ක පෙරේරා (නායක), රවීන් ද සිල්වා (උප නායක), චමිඳු විජේසිංහ, මහිම වීරකෝන්, රනිඳු ද සිල්වා, ජිතේෂ් වාසල, දිනෙත් සමරවීර, මෝක්ෂ සංකල්ප, චමෝද්‍ය රාජපක්ෂ, ලක්ෂාන් මායාදුන්න, රෂාන් දිසානායක, චාමල් අතුකෝරළ, අනුද ජිත්වර, තමිඳු කමලසූරිය, නිකිල අබේගුණසේකර සහ විහඟ විමංඟ
ශානුක දිසානායක මහතා (ප්‍රධාන පුහුණුකරු)
ආනන්ද විදුහල් කණ්ඩායම:
කනිෂ්ක රන්තිලකගේ (නායක), සවිරු බණ්ඩාර (උප නායක), කළන විජේසිරි, නෙත්ම කරුණාරත්න, විනිත් ප්‍රේමරත්න, හංසජ ජයසිංහ, ජනිඳු ජයවර්ධන, ශෂික උමයංග, දිනෙත් නිශ්ශංක, ඉසුරු අයේෂ්, අදීෂ පෙරේරා, දසුන් තාරක, මඕෂද ප්‍රනාන්දු, අනුජ ජයවීර, නුෂාල් ධර්මරත්න සහ සොනාර කරුණාරත්න
අසංක හෙට්ටිආරච්චි මහතා (ප්‍රධාන පුහුණුකරු)