Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් යළිත් පිටියට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් වන සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, බ්‍රයන් ලාරා, ශිව්නරින් චන්ද්‍රපෝල්, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු විශ්‍රාමික ක්‍රිඩයින් රැසක්  සහභාගි වන මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විස්සයි20 තරගාවලියක් වන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලිය මේ මස 7 වැනිදා සිට 22 වැනිදා දක්වා මුම්බායි සහ පූනේහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මූලික වටයේදී සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමගින් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මේ මස 22 වැනිදා මුම්බායිහී බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

මාර්තු 8 – ඕස්ට්‍රේලියා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී

මාර්තු 10 – ඉන්දියා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී

මාර්තු 13 – දකුණු අප්‍රිකා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී

මාර්තු 17 – බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර පූනේහිදී

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය

තිලකරත්න ඩිල්ෂාන් (නායක), චමින්ද වාස්, ෆර්වීස් මහරූෆ්, මාවන් අතපත්තු, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, චාමර කපුගෙදර, තිලාන් තුෂාර, උපුල් චන්දන, මාලින්ද වර්ණපුර.

සියළුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7 ට ආරම්භ වේ.

 

Scroll to Top