Aboutceylon Online

නිතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිගත්හේන පිටවල ගෝනවල රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නිතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින්  වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන්  දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා වරද පිලිගත් නිසා සැකකරුවන් සිව්දෙනාට රු තිස් තුන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ දඩමුදල් නියම කරනු ලැබුවේ ගිනිගත්හේන පිටවල ගෝනවල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 30- 40 වයස් කාණ්ඩවල පසුවන සිව්දෙනෙකුටය.

චුදිතයන් පිටවල ගෝනවල රක්ෂිතයේ කාලයක් තිස්සේ නිති විරෝධි මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, ස්කාගාරයේ නිෂ්පාදනය කරනු ලැබු නිතිවිරෝධි මත්පැන් ප්‍රදේශය පුරා බෙදා හැර ඇති බවයි වැටලිම සිදු කල සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ සැකකරුවන් විසින් පෙරා තිබු නිතිවිරෝධි මත්පැන් ස්ප්‍රිතු මිලිලිටර් 2250 ක් , ගොඩා මිලිලිටර් පනස් හත්දහසක් සහ නිති විරෝධි මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද සුරාබදු කාර්යයාලයේ නිලධාරින් භාරයට ගෙන ඇත.

Scroll to Top