Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු කම්කරුවට නව නිවාස 100 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වත්මන් රජය මගින් වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමේ ව්‍යපෘතිය යටතේ අපේ පවුලට නිවසක් යන සංකල්පය යටතේ  තලවකැලේ ලිදුල මෙරායා වතුයායේ  වතු නිවාස 100 ක් ඉදි කිරිම් කටයුතු ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා විසින් ආරම්භ කරනු ලැබුහ.

ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඕල්ට්‍රිම් වතුයායේ මෙරායා කොටසේ නව වතු නිවාස 100 ක ඉදි කිරිම් කටයුතු ආරම්භ කරබු ලැබුහ.

ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යයංශය මගින් එක් නිවසක් සදහා රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන වැය කර ඇති අතර සැම නිවසක්ම පර්චස් 7 ක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදි කිරිමට නියමිතය.

විසිත්ත කාමරයක් , නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනිපාරක්ෂක පද්ධතියක් ඇතුළු වර්ග අඩි 750කින් සමන්විත සැම නිවසකටම විදුලිය , පානිය ජලය , මං මාවත් ඇතුළු අංග සම්පුර්ණ නිවාස යෝජනා ක්‍රමයක් ලෙස ඉදි කිරිමට නියමිතයි.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ඉකත් රජය සමයේ වතුකරයේ ඉදිකල නිවාස ප්‍රමිතියෙන් තොර බවත්, එම නිවාස ඉදි කිරිම සදහා වෙන් කල ප්‍රතිපාදන වලින් වංචාවන් සිදු කර ඇති බවයි.

වත්මන් රජය මගිනුත් , ඉන්දියානු රජය මතත් , වතුකරයේ දැනට ඉදි වන නව නිවාස වෙනුවට නව සැලැස්මක් යටතේ තවත් නිවාස විසිපන්දහසක් ඉදි කිරිම් කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ .

Scroll to Top