ජාතික පිච්ච මල් පූජාව ඇතුලුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාසනික හා සමාජයීය වැඩසටහන් ක්‍රියාත්මක කරන ශාන්ති පදනමට වසර හතලිහක් සපිරෙයි. වසට හතලිහක් පුරා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සමාලෝචනය සහ ඉදිරි වැඩසටහන් සැලසුම් කිරීම සඳහා කොළඹදී මහ සමුලුවක් පවත්වන බව ශාන්ති පදනමේ නිර්මාතෘ , කොලඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය කොටපල අමරකිත්ති හිමිපාණන් වහන්සේ පවසති.
සංවත්සත්සර සභාවට ත්‍රියිනිකායික මහා සංඝරත්නය, මහානායක හිමිවරුන් ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ රැසක් සහභාගීවීමට නියමිතය.
එදින පෙරවරුවේ කොළඹ , බණ්ඩරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශාන්ති පදනමේ හතලිස් වසරක සේවය විදහා දක්වන ඡායාරූප ප්‍රදර්ශනයකි. දීර්ඝ කාලයක් ශාන්ති පදනම සමග ශ්‍රී ලාංකීය ජනතාවට සේවය කිරීම සඳහා එක්වූ පදනමේ සාමාජිකයින්ට උපහාර පිදීම, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය , නිවාස පහසුකම් නොමැති දුෂ්කර ගම්මානවල ජනතාව වෙනුවෙන් ශාන්ති පදනමේ අනුග්‍රහයෙන් නිමවන ලද නිවාස වල යතුරු අදාල ප්‍රතිලාභීන්ට පිරිනැමීම ඇතුලු වැඩසටහන් රැසක් සංවත්සර උලෙලට අඩංගු බවද ශාන්ති පදනම පවසයි.
එලඹෙන අනාගතයේ ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග ජය ගැනීමට ශක්තිය සැපයීම සඳහා ශාන්ති පදනම සමග අත්වැල් බැඳගන්නා මෙන් සමස්ත ජාතියෙන්ම කාරුණිකව ඉල්ලා සිටින බව අතිපූජ්‍ය කොටපල අමරකිත්ති හිමිපාණන් වහන්සේ පවසති.