දිවයින පුරා වනජිවි නිලධාරින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (24) දින උදැසන 8 සිට තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ විෂය භාර අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා සමග (23) දින අනුරාධපුර පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදි සාකච්ඡාවක් පැවැත් වු බවත්, එහිදි වනජිවි නිලධාරින්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් සතියක් ඇතුලත විසදුමක් ලබාදෙන බවට අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත සතා සිව්පාවා ගහ කොල ආරක්ෂා කර ගැනිම සදහා (24) දින උදැසන 8 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කල බවයි.
වනජිවි නිලධාරින් සිදු කරන රාජකාරි සදහා පැය 150 කට අමතර දිමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉකුත් 20 දින සිට පැය 8 ක සේවා කාලයක් සිදු කිරිමට වනජිවි නිලධාරින් තිරණය කර තිබු අතර , ඉකුත් 21 දින සිට දිවයින පුරා වනජිවි කාර්යයාල වසා දැමිමටද වනජිවි නිලධාරින් කටයුතු කර තිබුණි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදු වු අපහසුතාවයන් පිලිබදවද සිය කණගාටුව පල කරන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.