Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි පාදයට ලක්ෂ දෙකක වන්දනාකරුවන් පිරිසක් 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ විමෙන් පසු වැඩිම වන්දනාකරුවන් පිරිසක්  හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය සියළුම රථ ගාල් වල නතර කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා කිලෝමිටර 6 ක් දුරට ශ්‍රි පාද මාර්ගය දෙපස ගාල් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

හැටන් මාර්ගයට අමතරව රත්නපුර පලාබද්දල මාර්ගයේ සහ රත්නපුර රජ මාවත ඔස්සේද ශ්‍රි පාද උඩ මළුව දක්වා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම හේතුවෙන් ශ්‍රි පාද උඩ මළුව ප්‍රදේශයේ දැඩි තදබදයක් පැවති බව වන්දනාකරුවන් පැවසුහ.

එක්වරම අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණිම හේතුවෙන් ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රි පාද පත්මය වැද පුදා ගැනිමට නොහැකිව ආපසු සිය ගම් කරා යන ආකාරයක් අපට දක්නට ලැබුණි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් පහසුකම් ගණනාවක් සලසා ඇති අතර වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇත.

ශ්‍රි පාද වන්දනාකරුවන්ගෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව ඉල්ලා සිටින්නේ ශ්‍රි පාද උඩ මළුව දක්වා රැගෙන යන  ප්ලාස්ටික් පොලිතින් සහ ඝන අපද්‍රව්‍යය බැහැර කිරිම සදහා මාර්ගය දෙපස ඉදි කර තිබෙන කැලි කසල බදුන්වලට බැහැර කරන ලෙසයි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අඩු වි ඇති බවත්, එම ජලාශ රොන් මඩ වලින් පිරි ඇති නිසා ජලාශ දිය නාම සිදු නොකරන ලෙසට වන්දනාකරුවන්ගෙන් නල්ලතන්නිය පොලිසිය ඉල්ලා සිටියි.

ශ්‍රි පාද වන්දනාකරුවන් විශාල පිරිසක් එකවරම පැමිණිම නිසා රථ වාහන තදබදය අවම කිරිමට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වාහන හැටන් මස්කෙලිය හරහා නල්ලතන්නිය වෙත ධාවනය කිරිමටත් , ශ්‍රි පාද වන්දනා කර ආපසු යන රථ වාහන නල්ලතන්නිය , මවුස්සාකැලේ මංසන්ධිය , නෝටන්බ්‍රිජ් ,දියගල හරහා ධාවනය කිරිමට පොලිසිය කටයුතු කර ඇත.

Scroll to Top