Aboutceylon Online

වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සියළුම වන ජිවි කාර්යයාල වසා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරිනගේ සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දිවයිනේ සියළුම වනජිවි කාර්යයාල ඊයේ (20) දින පස්වරු 4.30 සිට වසා දමා ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

(20) දින පස්වරු 4.30 සිට තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කල බවත්, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරිම සදහා වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කාර්යයාල සේවකයින් යොදවා යාල , විල්පත්තුව , උඩවලව , හොර්ටන්තැන්න , වස්ගමුව වැනි වනජිවි කලාපයට අයත් සංචාරක කලාප වලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මග පෙන්වන්නන් එම සංචාරකයන්ට වල් අලින්ගෙන් එල්ල වන පිඩන මග හරවා ගැනිමට හැකියාවක් නොමැති නිසා සංචාරකයන් අගතියට පත් වි ඇති බවද ප්‍රභාෂ් කරුණතිලක මහතා පෙන්වා දෙයි.

වන අලින් පලවා හැරිමටත් , වන අපරාධකරුවන්ගෙන් වනජිවි ජලායට සිදු වන හානිය වලක්වා ගැනිමටත්, කාර්යයාල සේවකයින් යොදවාගෙන සිදු කරන ලෙසට වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටියි.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තම සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට කිසිදු බාධාවක් නොමැති බවත්, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, (20) දින පස්වරු 4.30 පසු දිවයිනේ සියළුම වනජිවි කාර්යයාල වසා දමා ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

රජයේ අනෙකුත් සේවකයින්ට වඩා වනජිවි නිලධාරින් ජිවිත පවා පරදුවට තබමින් පැය 350කට වඩා අධික කාලයක් අමතර රාජකාරි සිදු කරන බවත්, එම කාලයෙන් පැය 150 සදහා අමතර දිමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹි බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියේ.

Scroll to Top