පුරාවෘත්තයන්හි සඳහන් වන්නේ ශිව දෙවිඳුන්ට ගෞරවය පුද කරමින් එතුමන් පාර්වතිය සමඟ විවාහ වීම හා බැඳුණු සිදුවීම් මුල් කර ගනිමින් මහා ශිව රාත්රී දිනය සැමරීම ඇරඹි බව ය.
උපවාසයෙහි නිරත වීම, උත්සව දිනයට පෙරදා රාත්රියේ කෝවිලට ගොස් පූජෝත්සව පැවැත්වීම, ශිව දෙවිඳුන් උදෙසා දේව ගීතිකා ගායනය, ආදිය මෙම දිනය සැමරීම වෙනුවෙන් හින්දු බැතිමතුන් යෙදෙන වත් පිළිවෙත් කිහිපයකි.
ඉහත වත්පිළිවෙත්හි මූලික අරමුණ වී ඇත්තේ අවිද්යාව දුරු කිරීම හා තෘෂ්ණාව, මෝහය, කෝපය, ඊර්ෂ්යාව, වෛරය වැනි දුෂ්ට ගති දුරු කර දැනුම සොයා යාම ය. සිය ජීවිතවලට සහ සමාජයට සාමය සහ සමඟිය ළඟා කර ගැනීම ද හින්දු බැතිමතුන්ගේ තවත් අරමුණකි.
අවිද්යාව දුරු කර දැනුම සොයා යාමට හින්දු බැතිමතුන් වත්පිළිවෙත්හි යෙදෙන මේ මොහොතේ රටම නැවුම් මගකට මුල පුරමින් සිටියි. යුද බියෙන් සලිතව සිටි ජනතාව ඉන් මිදී වසර කිහිපයකට පසු රට නොමඟට ගෙන යාමට දෙස් – විදෙස් පවිටු බලවේග කළ කුමන්ත්රණය ද දැන් පරදවා අවසන් ය.
මේ උදාවී ඇත්තේ අප සියල්ලන් සමඟියෙන් බැඳී සැබෑවටම උතුර දකුණ යා කිරීමට කැපවන මොහොත ය. ඒ සඳහා අදිටන් කර ගන්නා ලෙස හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
සුබ ශිව රාත්රී දිනයක් වේවා!