නලල්තන්නියේ සිට මාතර දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 20 ක් පමණ ප්රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන්ගෙන් එක් අයෙකු වැඩි දුර ප්රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය හැටන් ප්රධාන මාර්ගයේ මස්කෙලිය කුඩා මස්කෙලිය ප්රදේශයේදිය.
මාතර සිට ශ්රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් දෙදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් ශ්රි පාදස්ථානය වැද පුදාගෙන ආපසු මාතර දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බවයි මස්කෙලිය පොලිසිය පැවසුවේ.
මොටර් රථය ධාවනය කල රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය වැඩි දුරටත් කියා සිටිහ.