නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය වලට පාසල් ළමුන් 500 දෙනෙකු පමණ ඇබ්බැහි වි ඇති බවත්, නාවලපිටිය නගරයේ මත්ද්‍රව්‍යය අලෙවි කරනු ලබන්නේ නගරයේ ඖෂධ වෙලදසැල් හිමියන් බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද මහතා පැවසිය.
රාජ්‍යය අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ මත්ද්‍රව්‍යය නිවාරණය පිලිබදව මතින් තොර නාවලපිටියක් යන මැයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විමෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
නාවලපිටිය ප්‍රදෙශයේ මත්ද්‍රව්‍යය ජාවාරම සිදු කරගෙන යාමට නාවලපිටිය පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ සහ නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුගේද සහයෝගය ලැබි ඇති බවයි.
නාවලපිටිය පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරිමෙන් පසු නව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නාවලපිටිය නගරයේ මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ තරමක් පාලනය කර ඇති බවත්, මධ්‍යම පලාත තුලම මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරම සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.