සමාජවාදි තරුණ සංගමය ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සංවිධානය කළ “වෛරස් නැති ආදරයක්” සංවාදය බත්තරමුල්ල, අවකාශ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය.
මෙම සංවාදය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන වැඩසටහනේ හිටපු කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා, නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය, සංගීතවේදී නදීක ගුරුගේ, සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා එක්විය.
“කුලමල නැති, දෑවැදි නැති, මිලක් නැති ආදරයක්” යන්න තේමා කරගනිමින් සමාජයේ ප්‍රේමය මූලිකව පවතින ගැටලු රැසක් පිළිබදව මෙහිඳි සාකච්ඡා කළහ.දෑවැද්ද මූලිකව පවතින නීතිමය තත්ත්වය, ලිංගිකත්වය පිළිබඳව සමාජ ගත වී ඇති කාරණා, සාහිත්‍ය තුළ ප්‍රේමය විග්රහ කර ඇති ආකාරය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කෙරුණි.