හෙම්මාතගම සිට ගම්පොල බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක කාන්තාවක් ගැටීම නිසා අනතුරට පත්වී හෙම්මාතගම පර්යන්ත රෝහලට ඇතුලත් කර ඇත.
හෙම්මාතගම සාමපුර ප්‍රදේශයේ පදිංචි කදීජා උම්මා නැමති මෙම මුස්ලිම් කාන්තාව හෙම්මාතගම ගම්පොල මාර්ගයේ පර්යන්ත රෝහල ආසන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හල ආසන්නයේ දී හදිසියේම පාර හරහා මාරුවී ඇති අතර හෙම්මාතගම ගිනිහප්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ත්‍රීරෝද රථය ගම්පොල බලා ධාවනය කරමින් තිබියදී මෙම කාන්තාවගේ හැප්පි ඇය අනතුරට පත්ව ඇත.
පසුව තුවාල ලැබූ කාන්තාව හෙම්මාතගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත යොමුකර ඇත කාන්තාව අනතුරට පත් කල ත්‍රීරෝද රථයේ රියදුරු හෙම්මාතගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හෙම්මාතගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක ඩී මෙෂාන් ඉන්දුකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක හේමන්ත රත්නකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පො සැ 37442 ධර්මප්‍රිය පො කො 64178 උපුල් යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලදි.