දඩයම්කරුවන්ගෙන් පලා විත් නිවසක් තුලට පැමිණි හොදින් වැඩුණු වැලි මුවෙකු අල්ලා බගවන්තලාව පොලිසියට භාර දිමට බගවන්තලාව ආරියපුර ගම්වාසින් කටයුතු කර ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් වන සතුන් වෙසෙන රක්ෂිත වලට ගිනි තබන නිසා එම රක්ෂිත වල වෙසෙන වැලි මුවන් , වල් ඌරන් , ඉත්තැවන් වැනි සතුන් තේ වතු ආශ්‍රිතව මේ දිනවල වාසස්ථානය කරගෙන ඇත.
තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම් කිරිම සදහා සුනඛයන්ගේද සහයෝගය ඇතිව ඇතැම් පිරිස් කටයුතු කරන අතරතුර එසේ දඩයම්කරුවන්ගෙන් මිදි බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ නිවසක් තුලට පැමිණි හොදින් වැඩුණු වැලි මුවෙකු අල්ලා වනජිවි නිලධාරින්ට භාර දිම සදහා එම ගම්වාසින් විසින් බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.
කිසිදු අනතුරක් නොමැතිව සිටි වැලි මුවා දැඩි පිපාසයෙන් සිටි බගවන්තලාව පොලිසියේ නිලධාරින් වැලි මුවාට ජලය ලබා දි ආරක්ෂිතව පොලිස් භාරයේ රදවාගෙන ඇත.
වැලි මුවා නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.