Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25 විනාශයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ඉහලින් වන වගා රක්ෂිතයක හට ගින්නකින් අක්කර 25 පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

අද (07) දින දහවල් 12 ට පමණ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ හටගත් ගින්න කදු මුදුණේ පිහිටි රුවන්පුර ගම්මානය දක්වා පැතිර යමින් පැවතුණි.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක් ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත්විය.

මධ්‍යම කදුකරයේ මේ දිනවන  අධික වියළි කාලගුණයත් සමග වන වගා රක්ෂිත වල සැරිසරන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ රක්ෂිත වලට ගිනි තබන බවයි රුවන්පුර ගම්වාසින් පවසන්නේ.

වන වගා රක්ෂිත වලට ගිනි තැබිමත් සමග එම රක්ෂිත වල සිට පහලට ගලා බසිනා ජල මුලාශද සිදි යාමේ අවධානමකට ලක් වි ඇත.

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන්  ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top