ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බව ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ඊයේ (06) පැවසුවාය.
“අපි සහභාගි වූ ලෝක කුසලාන තරගාවලිවලින් 2016 දී පමණයි අපිට අර්ධ අවසන් පූර්ව තරගය දක්වා එන්න හැකි වුණේ. ඒ නිසා අනිවාර්යෙන්ම පළමු කණ්ඩායම් හතරට එන එක අභියෝගයක්. අපේ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය මෙන්ම ඉන්දියාවත් ඉන්නවා. ”
“ක්‍රීඩිකාවකට දෙන්නෙක්ට විස්සයි20 තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඒ දවසේ දස්කම් මත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ නිසා මේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම කියන්නේ මට නම් අංකයක් විතරයි’
ශ්‍රී ලංකා පිල පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරමින් නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා ද, එංගලන්තයට එරෙහිව ලබන 24 වැනිදා ද, පර්ත්හිදී තරග කිරීමට සූදානමින් සිටියි.
මෙල්බන්හිදී ඉන්දියාවට එරෙහිව මේ මස 29 වැනිදා ද, බංග්ලාදේශයට එරෙහිව මාර්තු මස 2 වැනිදා ද, ශ්‍රී ලංකා පිල තෙවැනි සහ සිවුවැනි තරගවලට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය :
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේෂිකා ප්රබෝදනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමේෂනී, සුරංගිකා කුමාරි සහ ඩිලානි මනෝදර